ශිෂ්‍යත්ව විභාගය යළි නොපවැත්වෙයි : ගැටලුසහගත ප්‍රශ්න තුනට අමතර ලකුණු 03ක්

ශිෂ්‍යත්ව විභාගය යළි නොපවැත්වෙයි : ගැටලුසහගත ප්‍රශ්න තුනට අමතර ලකුණු 03ක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වා ගැටලුකාරී ප්‍රශ්න තුනටම සියලු දරුවන්ට ලකුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ, ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුකාරී ප්‍රශ්න විමර්ශනයට පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශ අනුවයි.

විභාගයට පෙර සාකච්ඡා වූ බවට හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනීසිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව එම කමිටුව නිර්දේශ කර ඇත.

එමෙන්ම ඔවුන් පෙන්වා දී ඇත්තේ විභාගය නැවත පැවැත්වීම ගුරුවරුන්ටත්, මව්පියන්ටත්, පාසල් පද්ධතියටත් දැඩි පීඩාවක් ගෙන දෙන බවය.

ඒ අනුව විද්වත් කමිටුවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කඩිනමින් ප්‍රශ්න පත්‍ර ඇගයීම් අප්‍රමාදව ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවය.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Letter 2024.09

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න