මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරයි

මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරයි

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සැප්තැම්බර් 11 වන දා සිට බලාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ, හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බව ය.

මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 ජනවාරි 1 වන දා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබූ බව එම ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ.

කෙසේ වුවත්, 2015 ජනවාරි 1 වන දා සිට එය නැවත ක්‍රියාත්මක කළ බවත් ඒ අනුව, හිටපු මහ බැංකු අධිපතිවරුන්ට 2015 සිට මාසික විශ්‍රාම වැටුප හිමි වී තිබේ.

ඒ අනුව, හිටපු මහ බැංකු අධිපතිවරුන්ට අවසන්වරට ගෙවූ මූලික වැටුපෙන් 74%කට සමාන මාසික විශ්‍රාම වැටුපක් ඔහු සේවය කළ වසර ගණන නොසලකා හැර ලබා ගැනීමට හැකියාව තිබිණි.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

central bank 1 copy 1068x1350

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න