Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර  පත් කර තිබෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. ආලෝක බණ්ඩාර  පත් කර තිබේ.

අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  විසින් අද (03) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහු වෙත භාර දුන්නේය.