නව වසරේ රට අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතුයි - ජනපති

නව වසරේ රට අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතුයි - ජනපති

නව වසරේ මුළු රටම අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ, Clean Sri Lanka ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

Clean Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජනාධිපති කාර්යාලයේදි අද(01) පෙරවරුවේ ආරම්භ කෙරුණේ, ජනාධිපතිවරයා ජාතික ධජය එසවීමත් සමගයි

මෙම අවස්ථාවට අග්‍රමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Clean Sri Lanka වෙබ් අඩවිය එළිදැක්වීම ද මෙහි දී සිදු කෙරුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න