අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට අතවර කළ සැකකරු අල්ලයි

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට අතවර කළ සැකකරු අල්ලයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී අතවර කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා ගල්නෑවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වේ.

34 හැවිරිදි අදාළ සැකකරු චීවරධාරියෙකු ලෙස ද සිට ඇතැයි ද හෙළිව තිබේ.

යුද හමුදා සේවයෙන් පළා ගොස් සිට ඇති අතර සැකකරුව ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇයේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් තිබූ අතර, එනෙක් දුරකථනයෙන් නැතිවූ දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ඇත.

එහිදී අවුකන දුම්රිය පොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම හේතුවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙමුම් තිව්‍ර කර ඇත.

එහිදී අදාළ සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගැනීමට සමත්ව තිබේ.

අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ සිදුවූ අවා­ස­නා­වන්ත සිද්ධි­යට සම්බන්ධ වෛද්‍ය­ව­රි­යගේ අන­න්‍ය­තා­වය හෙළි කිරී­මෙන් වැළකී ඇයගේ පෞද්ග­ලි­ක­ත්වය ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති නලින්ද ජය­තිස්ස මහතා සිය­ලුම මුද්‍රිත සහ ඩිජි­ටල් මාධ්‍ය­ය­න්ගෙන් ඉල්ලා සිටි.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ පණි­වු­ඩ­යක් තබ­මින් අමා­ත්‍ය­ව­රයා ඒ බව ඉල්ලා තිබේ. සිද්ධි­යට අදාළ සැක­ක­රු­වන් හඳුනා ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලි­ස්‌ ­ක­ණ්ඩා­යම් පහක් යොදවා ඇති බවද ඊයේ පාර්ලි­මේ­න්තු­වේදී හෙළි­ද­රව් විය.

වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලීමක්

අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ සිදුවූ අවා­ස­නා­වන්ත සිද්ධි­යට සම්බන්ධ වෛද්‍ය­ව­රි­යගේ අන­න්‍ය­තා­වය හෙළි කිරී­මෙන් වැළකී ඇයගේ පෞද්ග­ලි­ක­ත්වය ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති නලින්ද ජය­තිස්ස සිය­ලුම මුද්‍රිත සහ ඩිජි­ටල් මාධ්‍ය­ය­න්ගෙන් ඉල්ලා සිටි.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ පණි­වු­ඩ­යක් තබ­මින් අමා­ත්‍ය­ව­රයා ඒ බව ඉල්ලා තිබේ. සිද්ධි­යට අදාළ සැක­ක­රු­වන් හඳුනා ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලි­ස්‌ ­ක­ණ්ඩා­යම් පහක් යොදවා ඇති බවද ඊයේ පාර්ලි­මේ­න්තු­වේදී හෙළි­ද­රව් විය.

Untitled 137

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න