අධිවේගයේ ගාස්තු කාඩ්පතින් ගෙවීම කොට්ටාවෙන් ආරම්භ කරයි

අධිවේගයේ ගාස්තු කාඩ්පතින් ගෙවීම කොට්ටාවෙන් ආරම්භ කරයි

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කාඩ් පත් මගින් ගාස්තු ගෙවිමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම අද (11) කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටි. පාස්කරන් මහතා එම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරමින් කඩවත දෙස සිට සිය ජීප් රථයෙන් පැමිණ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ පිටවීමේ දොරටුවේ කවුළුව වෙත සංකේතවත් ලෙස කාඩ්පත මගින් මුදල් ගෙවීම සිදු කළේය.

ඒ අනුව අද (11) දින සිට කාඩ්පත් මගීන් ගෙවීම් කළ හැකි වන්නේ කොට්ටාව කඩවත අතර හුවමාරු ස්ථානවලදී පමණක් වන අතර ඒ සඳහා විශේෂ මන්තීරුවක් වෙන්කර ඇති බවත් එම මන්තීරුව භාවිතා කරන ලෙස මාර්ගයේ ගමන් ගන්නන්ට අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ ඒකකය දන්වයි.

මාසයක පමණ කාලයක් තුළින් මුළු අධිවේගී මාර්ග පද්ධතිය තුළම කාඩ්පත් මුදල් ගෙවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම ඒකකය වැඩිදුරටත් දන්වා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න