ඒකාබද්ධයේ පක්ෂ වෙනවෙනම තරග බිමට ! සම සමාජය බලපිටියට වෙනම !!

ඒකාබද්ධයේ පක්ෂ වෙනවෙනම තරග බිමට ! සම සමාජය බලපිටියට වෙනම !!

ඒකාබද්ධ විපක්ෂය තුල මේවනවිට හටගෙන ඇති අභ්‍යන්තර අර්බුද හේතුවෙන් ඊට එක්ව සිටින දේශපාලන පක්ෂ කිහිපයක් කොට්ඨාශ කිහිපයකට තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාවය යටතේ වෙනම තරඟ කිරීමට මේවනවිට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ලංකා සමසමාජ පක්ෂය බලපිටිය නගර සභා කොට්ඨාශයට ද දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ අම්පාර, සීතාවක, මහරගම ආදී ප්‍රදේශවල පළාත් පාලන කොට්ඨාශ කිහිපයක් සඳහා ද සිය පක්ෂවල මැතිවරණ ලකුණු යටතේ නාමයෝජනා බාරදීමට තීරණය කර ඇතිබව එම දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 විමල් ගියත් කමක් නැති ලු !

wimal weerawansaසිය පක්ෂයට නිසි අපේක්ෂකයින් ප්‍රමාණයක් නොලැබුණහොත් පළාත් පාලන ආයතන කිහිපයකට තනිව තරඟ කිරීම සම්බන්ධයෙන් විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ ද මේවනවිට සාකච්ජා ආරම්භ කර තිබේ.

සමස්ත අපේක්ෂකයින් සංඛ්‍යාවෙන් සියයට 10ක් තම පක්ෂයට ලබාදෙන ලෙස ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා ඇතත් බැසිල් රාජපක්ෂ මහතා ඊට විරෝධය පලකර තිබේ.

විමල්ගේ පක්ෂය වෙනම තරඟ කලද සමස්ත ප්‍රතිපලයට අවාසියක් නොවන බව බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වී ඇතැයි පැවසේ.

 ශ්‍රීලනිපය අතින් හා බුලත් කොලයෙන් !

 ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද දකුණේ හා උතුරේ පළාත් පාලන කොට්ඨාශ සඳහා ' අත' ලකුනුන් ද කඳුකර ප්‍රදේශ සඳහා බුලත් කොලය යටතේ ද තරඟ කිරීමට සාකච්ජා පවත්වමින් සිටියි.

අත ලකුණින් තරඟ කරන්නැයි උතුරෙන් ඉල්ලීමක් ලැබී ඇති බව ශ්‍රීලනිප ප්‍රධානියකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

 ශ්‍රීලනිප අයිතිකරුවන් ?

මේ අතර අද(07) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පැවසුයේ, ලංකා නිදහස් පක්ෂයේ නියම අයිතිකරුවන් කවුද යන්න මෙම මැතිවරණය තුළින් නිවැරදිව දැනගත හැකි බවයි.

වත්මන් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ කරුණු රැසක් මෙම පළාත් පාලන මැතිවරණය තුළින් නිගමනය කළ හැකි බව ද ඔහු කියා සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න