රහස් කතා අතරේ විමල් ගෙන් මෛත්‍රීටත් 'දේශප්‍රේමී' ලණුවක් !

රහස් කතා අතරේ විමල් ගෙන් මෛත්‍රීටත් 'දේශප්‍රේමී' ලණුවක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිවාදී මාවතක ගෙනගොස් ඔහුව සුළු ජාතීන්ගෙන් සදහටම ඇත්කර දැමු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඒ මාර්ගයේ යවා දේශපාලනිකව අනාත කිරීමට පිඹුරුපත් සකසමින් සිටින බව දේශපාලන විචාරකයින් පවසයි.

දේශපාලන විචාරකයින් එබව පවසන්නේ, මන්ත්‍රීවරයා Colombo Tv හි පැවති 'රතු කට්ට' දේශපාලන සංවාදය සමග එක්වෙමින් සිදුකල ප්‍රකාශය පිළිබඳව අවධානය යොමුකරමිනි.

2002 වසරේදී පිහිටවනු ලැබූ එජාප රජය හමුවේ දේශපාලනිකව තනිවූ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය ජාතික න්‍යාය පත්‍රයකට කැමති කර ගත් ආකාරයටම අදද හැකිනම් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ජාතික න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කළ යුතු යයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එම වැඩසටහනේදී පැවසිය.

එසේ කර එතුලින් රටට ජයග්‍රහණ අත් කර දයි හැකි දැයි උත්සාහයක් දැරිය යුතු බවද ඔහු සදහන් කළේය.

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සමග මෙන්ම ඔහුගේ ම පක්ෂයේ ප්‍රධානින් සමග මත ගැටුම් ඇතිකර ගෙන සිටින විමල් විරවංශ මහතා පසුගියදා හොර රහසේ ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 

වීඩියෝව මෙතනින්

http://lankacnews.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%a7-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%90/

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න