තිලංගට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

තිලංගට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරග කිරීම වළක්වාලමේ තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්නට නිශාන්ත රණතුංග කටයුතු කර ඇත.

නිශාන්ත රණතුංග තම පෙත්සම ඉදිරිපත් කරමින් අන්දහන් කර ඇත්තේ එළඹෙන  31 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නාම යෝජනාව නීතියට පටහැනි බවත්  අදාළ තනතුර සඳහා තිලංග  තරග කළහොත් ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බවය.

මේ හේතුවෙන් අදාළ පෙත්සම විභාග කොට අවසන් තීරණයක් ලබා දෙන තෙක් තිලංග සුමතිපාලට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තරඟ කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

තවද මෙම  පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින්,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු 27 දෙනෙකු නම් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න