මේ වන විට අතිශය පාඩු ලබන තත්ත්වයක පවතින මුද්‍රණ නීතිගත සංස්ථාව ඉතා ඉක්මණින් ලාභ ලබන ආයතනයක් බවට පත් කරන අතර මේ වසර අවසන් වීමට පෙර එහි සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නව සභාපති බිනර ජයවර්ධන සඳහන් කරයි.
අද (28) පාදුක්ක පානළුව පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පරිශ‍්‍රයේ දී සිය ධුරයේ වැඩ බාරගනිමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.
එසේම පවතින සම්පත්වලින් උපරිම කාර්යක්ෂම සහ පලදායි සේවාවන් රැසක් ඉටු කිරීමට නායකත්වය ගැනීමටත් , සේවක සුභ සිද්ධිය සහ සුභ සාධනය ඉහල නැංවීමටත් තම පාලන සමය තුල බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.
වැඩ භාර ගැනීමෙන් අනතුරුව සංස්ථා සේවකයන් විසින් සංවිධානය කල පිළිගැනීමේ උත්සවයකට ද සභාපතිවරයා සහභාගී විය.

