දයාසිරිගෙන් මාරාන්තික විහිළුවක් : බැඳුම්කර සල්ලි ගත්තට ඒ අල්ලස් නෙවෙයි කියයි

දයාසිරිගෙන් මාරාන්තික විහිළුවක් : බැඳුම්කර සල්ලි ගත්තට ඒ අල්ලස් නෙවෙයි කියයි

‘අර්ජුන් ඇලෝසියස් වෙතින් රුපියල් මිලියනයක් ලබාගත් නමුත් තමන් ඔහුව බේරා ගැනීම වෙනුවෙන්   කොහේවත් පෙනී සිට නොමැති බවත් එබැවින් අදාළ මුදල ගැනීම  අල්ලසක් ලෙස ගණන්ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී   දයාසිරි ජයසේකර පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී  ටී .බී ඒකනායක  පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාව ආවරණය කිරීමට සිටි මාධ්‍යවේදීන් අමතමින්  අද (28) දයාසිරි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

මැතිවරණ කාලේට ප්‍රාදේශීය සභා මැතිවරණයේ   ඉඳලා ජනාධිපතිවරණය  දක්වාම හැමෝම ව්‍යාපාරිකයන් ගෙන් මුදල්  ලබා ගන්නා බවත් අර්ජුන් ඇලෝසියස් එක්සත් ජාතික පක්ෂයට  රුපියල් බිලියන ගානක් දෙන්නට ඇතැයි තමන් සිතන බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

කෙසේ වුවත් තමන් ලක්ෂ දහය වෙනුවෙන් ඔහුව නිර්දෝෂී කිරීමට හෝ ආරක්ෂා කිරීමට කෝප් කමිටුවේ පාද සටහන් දාන්න ගියේ නෑ , පොත් ලියන්න ගියේ නැහැ"   යනුවෙන්ද මන්ත්‍රීවරයා පවසා ඇති අතර "මම කියනවා ඔව් මට  අර්ජුන ඇලෝසියස් මැතවරණ කටයුතු වලට උදව් කළ කෙනෙක්. රන්ජන් රාමනායක පවා පළාත් සභා මැතිවරණ කාලේ රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් ගෙන් මැතිවරණ කාලේ සල්ලි අරන් තියෙනවා. ඒක නිසා මම කාටවත් බය වෙන්නේ නැහැ, මම වරදක් කරලා නැහැ.  මම කියන්නේ මෙච්චරයි ,අර්ජුන් ඇලෝසියස් බේරා ගැනීම වෙනුවෙන් කෑ ගහපු 118 දෙනෙකුගේ නම් තියෙනවා බැඳුම්කර කොමිෂන් වාර්තාවේ, මම අභියෝග කරනවා පුළුවන් නම් ඒ නම් ටික ප්‍රසිද්ධ කරන්න. අන්න ඒ අය තමයි අර්ජුන් ඇලෝසියස් ගෙන් අල්ලස් අරන් ඔහුව ආරක්ෂා කරන්නේ" යනුවෙන්ද පවසා  ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න