මිනිස් පරිභෝජනයට නොසුදුසු ටින් මාළු කන්ටේනර් 74ක් සොයාගත් බව රේගු ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ටින් මාළු චීනය හා තායිවානය යන රටවල්වලින් ආනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 378 ක් පමණ බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න සඳහන් කරයි.
එසේම රේගු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එම ආනයනික ටින් මාළු කන්ටේනර 74න් 15ක් ප්‍රතිඅපනයනය කිරීමටද සැලසුම් කර තිබී ඇත.
මේ අතර පරිභෝජනයට නුසුදුසු එම ටින් මාළු තොගය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා සඳහන් කරන්නේ එම ටින් මාළු තුළ පරපෝෂිත විශේෂයක් සිටින බවට සොයා ගෙන ඇති බවය.
මේ අතර සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ආනයනික ආහාර පර්යේෂණ ඒකකය පවසන පරිදි ඔවුන් සිදු කර ඇති විශේෂ පරීක්ෂණයන්ගෙන් තහවුරු වී ඇත්තේ ප්‍රමිතියෙන් තොර ටින් මාළු මෙරටට ආනයනය කරන බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා පවසන පරිදි එම ටින් මාළු තොගය ගොඩබෑම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත. එමන්ම ආනයන කරනු ලබන ආහාර ද්‍රව්‍ය වරාය තුළදීම පරික්ෂා කර නුසුදුසු ඒවා යළි හරවා යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි. එම ක්‍රියාවලිය සිදු වන්නේ ආහාර පනත යටතේය.
මේ අතර ආහාර උපදේශක කමිටුවේ ගත් තීරණයක් අනුව එවැනි ටින් මාළු මේ වන විට වෙළඳපොළේ පවතිනවාද යන්න සොයා බැලීමට හා එසේ ඇත්නම් ඒවා ඉවත් කිරීමට ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.

