නෙස්ලේ නවතම නිෂ්පාදනය නීති විරෝධීයි !

නෙස්ලේ නවතම නිෂ්පාදනය නීති විරෝධීයි !

නෙස්ලේ සමාගම විසින් හදුන්වා දී ඇති සහ අලෙවි කරනු ලබන ‘’Nespray forty grow Milky bicuits’’නිෂ්පාදනය මෙරට වලංගු නීති උල්ලංඝණය කරමින් නිෂ්පාදනය හා අලෙවි කරමින් සිටින බැවින් ඒ පිලිබද විමසිල්ලෙන් සිටින ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව සඳහන් කරන අතර 2005 ජනවාරි 19 වන දින නිකුත් කරන ලද අංක 1376/9 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය අමු අමුවේ උල්ලංඝණය කර ඇති නෙස්ලේ සමාගම අදාල නිෂ්පාදනය කොළඹ අවට පාසැල් සදහා නොමිලේ බෙදාහරිමින් සිටීන්නේ දූෂිත දේශපාලකයින්ගේ හයිය ඔවුනට ඇති නිසාද? යන ප්‍රශ්නය මතුවන බවද එහි අවධාරණය කර ඇත.

ඕනෑම නිෂ්පාදනයක ප්‍රධාන නාමය භාෂා දෙකකින් සදහන් විය යුතු වුවත් මෙම නිෂ්පාදනයේ භාෂා දෙකෙන්ම සදහන් වන්නේ  ‘’Flavoured Milk’’ ‘’ රස කල කිරි’’ යනුවෙන් බවත්  එහෙත් රස කර ඇත්තේ කුමකින්ද යන්න සදහන්කර නොමැති බවත් එම නිවේදනයේ සඳහන් ය. අසුරනයේ ඇති අඩංගු ද්‍රව්‍ය ලයිස්තුවේ ‘’රසකර කිරි යන්න’’ කුමක්දැයි සදහන් කර නැති බවද පෙන්වා දෙන එම නිවේදනය   ඒ අනුව 2005 ජනවාරි 19 වන දින නිකුත් කරන ලද අංක 1376/9 දරණ අතිවිශේෂ ගැසට්පත්‍රයේ 7 (1) වගන්තිය අමු අමුවේ උල්ලංඝනය වන බවද සඳහන් කර ඇත. එම වගන්තිය පහත දැක්වේ.

එහි වැඩිදුරටත් දක්වා ඇති ආකාරයට එම නිෂ්පාදනයේ පෝෂණ තොරතුරු ඇතුලත් ලේබලය ඇසුරුමේ අලවා ඇත්තේ තවත් ලේබලයක් උඩිනි. එසේ ඇලවීමට නම් අහාර උපදේශක කමිටුවේ අවසරය ලබා ගතයුතුය.

පෝෂණ තොරතුරු ඇතුලත් ලේබලයේ රූපමය සංකේත  භාවිතා කල හැක්කේ නිසි අවසරයක් ලබා ගැනීමෙන් පසු පමණි.

මීට පෙර අදාල සමාගම නිෂ්පාදනය කරන නෙස්ටී  පානයේ  සේදුම් කාරකයක් වන Tri sodium phosphate (E319) අඩංගු බවද නෙස්ටමෝල්ට් පානය කල හැක්කේ දිනකට කෝප්ප 3 ක් බව සදහන් කර ඇත්තේ ලේබලයේ කුඩාවට බවද අප සංවිධානය සදහන් කර ඇත. එපමණක් නොව ජනාධිපතිවරයාද එම සමාගමේ නිෂ්පාදනයක් වන MILO පානයේ අධිකව සීනි අඩංගු බව සදහන් කරමින් එයට විරෝධය පළකරමින් රටවටා  MILO පැකට් ප්‍රදර්ශනය කරමින් යනු ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න