ආණ්ඩුව ජනතාව වෙනුවෙන් සිදුකරන කටයුතු මාධ්‍ය හරහා ජනතාවට නිවැරදිව සන්නිවේදනය නොවන බැවින් ආණ්ඩුව ගෙවනු වසර දෙක තුළ සිදුකල විශාල වැඩ කොටස ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා ගමින් ගමට ගොස් රැස්වීම් පවත්වන්න අපේක්ෂා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (29) අම්බලන්තොට දී පැවති උත්සවයකට එක්වෙමින්ය.
තම දේශපාලනයේ ද වැඩියෙන්ම ජනතාවට ගමට වැඩ කරන්න පුළුවන් වුණේ මේ වසර දෙකේ දී බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.
ටී.බී FCID කැඳවීම සිල්ලර වැඩක් !
එසේම හිටපු සංස්කෘතික ඇමැති ටී.බී ඒකනායක මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීම සිල්ලර වැඩක් බවත්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවිමට අවශ්‍ය පුද්ගලයින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින බවද අමාත්‍යවරයා පවසා ඇත.
තවදුරටත් අදහස් දැක්වු අමරවීර අමාත්‍යවරයා,“හොරකම් කළා නම් ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා වෙන් කිරීමක් කරන්න බැහැ. අපි එදත් කිව්වේ හොරුන්ට දඩුවම් කරන්න කියලා ඒත් දඬුවම් කිරීමේ ප්‍රමාදයක් පවතිනවා. ටී.බී ඒකනායක හිටපු සංස්කෘතික ඇමැතිතුමා වාහනයක් අවභාවිතා කළා කියා එෆ්සිඅයිඩීයට කැඳවීම සිල්ලර වැඩක්. ඊට වඩා කැඳවිය යුතු අය ආණ්ඩුවේත් විපක්ෂයේත් ඕනෑ තරම් ඉන්නවා" යැයිද සඳහන් කර තිබේ.

