එජාප ජේෂ්ඨයින් 11ක් : ආසන සංවිධායකධූර අත්හැරීමේ සූදානමක් !

එජාප ජේෂ්ඨයින් 11ක් : ආසන සංවිධායකධූර අත්හැරීමේ සූදානමක් !

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයින් ලෙස කටයුතු  කරන ජේෂ්ඨයින් 11 දෙනෙකු එම ධූරවලින් ඉවත්ව නවකයින් සඳහා එම අවස්ථාව ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.

එම පක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුකර ඇති අතර  මේ වන විට කැබිනට් අමාත්‍යධුර දරන ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකුද ඒ අනුව ආසන සංවිධායක ධුරවලින් ඉවත්වීමට එකඟතාව පළකර ඇත.

මෙම පිරිස 2020 මහ මැතිවරණය ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති අය බවත් එබැවින් අදාළ ආසන සඳහා නවකයින් හඳුන්වාදීමට මෙන්ම ඔවුන්ට ආසනය තුළ ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට කාලයක් ලැබෙන ලෙස කඩිනමින් මෙම තීරණය ක්‍රියාවට නැංවීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න