මහවැලියේ වැලි ගොඩදැමීමේ තහනම ඉවතට

මහවැලියේ වැලි ගොඩදැමීමේ තහනම ඉවතට

මහවැලි ගඟේ වැලි ගොඩදැමීමට පනවා තිබූ තහනම ඉවත්කොට නැවත ඒ සඳහා අවසරපත් නිකුත් කිරීමට භූ විද්‍යා සහ පතල් කාර්යංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එළඹෙන ජුනි 6 වනදා සිට මහවැලි ගඟේ වැලි ගොඩදැමීමේ අවසරපත් නිකුත් කිරීම සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සමාගම මඟින් සකස්කර ඇති වාර්තාවක් සැළකිල්ලට ගෙන මෙසේ තහනම ඉවත් කිරීමට තීරණය කර ඇත.

කෙසේ වුවත් මීට පෙර මහවැලි ගඟේ වැලි ගොඩදැමීම තහනම් කිරීමට කටයුතු කර තිබුණේ ඒ හේතුවෙන් ගඟ ආශ්‍රිත පරිසර පද්ධතියට සිදුවන විනාශය සම්බන්ධව ලැබුණු පැමිණිලි අනුවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න