ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ලෝකයේ මානව හිමිකම් කවුන්සිලයන් අතරින් “A” කාණ්ඩයට ශ්‍රේණි ගතවීම අප රට ශිෂ්ඨ සම්පන්න ගෞරවණීය දේශයක් ලෙස ලෝකයා ඉදිරියේ ඔසවා තැබූ අවස්ථාවක් බව තම විශ්වාසය බව කතානායක කරු ජයසුරිය සඳහන් කරයි.
විශේෂයෙන්ම එය ශ්‍රී ලාංකිකයන් යුක්ති ගරුක, සමානාත්මතාවය සහිත නිදහස් සමාජයක පුරවැසියන් පිරිසක්ය යන්න රට තුලත්, ජාත්‍යන්තරය හමුවේත් තහවුරු වීමක් බවත් මෙය ජාතියක් ලෙස අප තැබූ විශිෂ්ඨ ඉදිරි පියවරක් බවද ඔහු සඳහන් කර සිටියි.
මානව හිමිකම් ක්ෂ්‍රේත්‍රය තුල මෙම සම්භාවනීය තත්ත්වය අත්පත් කර ගැනීමට මානව හිමිකම් අංශ වලට අවහිරයකින් තොරව ක්‍රියාත්මක වීමට අවකාශ සැලසූ රජයටත්, ඒ උදෙසා සක්‍රීය කාර්‍යභාර්යක් ඉටුකල මානව හිමිකම් කොමිසන් සභාවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මාගේ කෘතවේදීත්වය පිරිණමන බවද සඳහන් කරන කතානායකවරයා ඉදිරියේදී ද රටතුල මානව හිමිකම් ආරක්ෂා කිරිමේ බලවත්, ශක්තිමත්, ස්වාධින යාන්ත්‍රණයක් ලෙස මිනිස් නිදහස හා අයිතිවාසිකම් සුරකීමට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කරන බවද දන්වා සිටියි.

