කැරළි කෝළහල අරගල හරහා රටවල පාලන බිඳ වැටීම්, ආර්ථික බංකොලොත් භාවයන් සිදු වේදැයි කල් ඇතිව හඳුනා ගැනීමට නව දර්ශකයක් හඳුන්වා දෙයි.
ලෝකයේ ඇතැම් රටවල ආර්ථිකයන් බංකොලොත්වී කඩා වැටීම් සිදු වූවා යැයි හෝ පවතින රජයන් බිඳ වැටී නව පාලනයක් ඇතිවූවා යැයි හෝ එකවරම නොකියා එවැනි අර්බුද කල් ඇතිව හඳුනා ගැනීමට සමත් නව විද්‍යාත්මක ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය (ECGI) මගින් වහාම හඳුනා ගත හැක.
එම නව දර්ශකය ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය (ECGI) නමින් හඳුන්වන අතර එය ශ්‍රී ලංකාව සඳහා භාවිතයට ගැනීම මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලය විසින් පෙරේදා (13) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී විද්වතුන්, වෘත්තිකයන්, රජයේ නියෝජිතයින්, ප්‍රධාන දේශපාලන පක්ෂ සහ මාධ්‍ය නියෝජනය කරන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
මෙවැනි දර්ශකයක් හඳුන්වා දීම ඓතිහාසික අවස්ථාවක් බව මේ අවස්ථාවට එක්වූ මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලය ප්‍රකාශ කරයි.
මෙම දර්ශකය මගින් දූෂණය, බදු පැහැර හැරීම, මාර්ගගත වංචා සහ මුදල් විශුද්ධිකරණය මුලිනුපුටා දැමීමේ වත්මන් රජයේ මුලපිරීම් සම්බන්ධයෙන්ද මැන බැලීමට අවස්ථාවක් උදාවේ.
දකුණු ආසියානු ෆෝරසයිට් ජාලයේ (SAFN) විධායක අධ්‍යක්ෂ සහ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හි පිහිටි මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලයේ සභාපති මහාචාර්ය අසංග අබේගුණසේකර විසින් නිර්මාණය කර ඇති මෙය ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය (ECGI) ජාතික අවදානම් මට්ටම් හැඩගැස්වීම මැන බැලීමට යොදා ගත හැකි දියුණු ක්‍රමවේදයකි.
ආර්ථික අපරාධ, දූෂණය සහ භූ දේශපාලන බලපෑම කුමන ආකාරයක වේදැයි මැන විද්‍යාත්මකව මැන බැලීමට සහ ඇගයීමට සාක්ෂි පදනම් කරගත් දර්ශකයක් ලෙස මෙය හැඳින්වේ.
වර්තමානයේ මෙම දර්ශකය රටවල් 70කට අධික සංඛ්‍යාවක් පුරා ක්‍රියාවට නංවා ඇත. මිලේනියම් ව්‍යාපෘතියේ ගෝලීය ජාලය හරහා එය භාවිතා කොට රටවල් රැසක ආර්ථික සමාජ දේශපාලන තත්ත්වයන් පරීක්ෂාවට ලක් කර ඇත.
විවිධ රජයන්, නියාමකයින් සහ ජාත්‍යන්තර සංවිධාන සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස දර්ශකය දැනටමත් පිළිගැනීමට ලක් වී තිබේ.
මෙම දර්ශකය (ECGI) අවදානම් ලකුණු ලබාගෙන ඇත්තේ මානයන් හතරක අද්විතීය මිශ්‍රණයකිනි. දූෂණ සංජානනය (CPI) , පාලනයේ අඛණ්ඩතාව සහ විනිවිදභාවය මැනීම, ආර්ථික අපරාධවල බරපතලකම, නීති විරෝධී මූල්‍යකරණය, මුදල් විශුද්ධිකරණය සහ සංවිධානාත්මක අපරාධවල ව්‍යාප්තිය තක්සේරු කිරීම යනාදිය මැන බැලීමට මෙම දර්ශකය භාවිතා කළ හැකිය.
මේ සම්බන්ධයෙන් රටක ජනතාවගේ ප්‍රතිචාර , එම ප්‍රතිචාර නියාමනය, බලාත්මක කිරීම සහ අපරාධ විරෝධී ප්‍රතිපත්තිවල රාජ්‍ය කාර්යක්ෂමතාව ඇගයීම සහ භූ දේශපාලනික බලපෑම, ආරක්ෂක , ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික පැවැත්ම හරහා බාහිර ඉහළ පහළ යෑම් පරීක්ෂා කිරීමට මෙම දර්ශකය යොදා ගත හැක.
කැරළිවලට පෙර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල විවිධ ක්ෂේත්‍ර පිළිබඳව සෘජුවම නිරීක්ෂණය කිරීමෙන්, දූෂණය සහ මූල්‍ය අපරාධවල සිට තරුණයින් විසින් මෙහෙයවනු ලබන විරෝධතා සහ පුළුල් භූ දේශපාලනික ප්‍රවණතා පිළිබඳව යම් දැනුවත් භාවයක් ලබා ගැනීමට මෙම දර්ශකය යොදා ගත්තේ නම් හැකියාව තිබුණි.
ලොව ඕනෑම රටක යම් අස්ථාවර තත්ත්වයක් සිදු වේනම් එය පුරෝකථනය කිරීමට සහ මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ග මඟ පෙන්වීමට මෙම දර්ශකය පුළුල් අවබෝධයක් සපයන බව මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලයේ සභාපති මහාචාර්ය අසංග අබේගුණසේකර පවසයි.
වසර 2025 නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම දර්ශකය යොදාගෙන කළ තක්සේරුවේ මුල් සොයාගැනීම්වලින් හෙළි වන්නේ පාකිස්ථානය, නේපාලය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ බංග්ලාදේශය වැනි රටවල් ආවරණය වන පරිදි, මුල් බැසගත් දූෂණය, පාලන හිඩැස් සහ බාහිර භූ දේශපාලනික බලපෑම් මගින් මෙහෙයවනු ලබන ඉහළ අවදානම් කාණ්ඩයට එම රටවල් අයත් වන බවය.
ඉහළ අවදානම් ලෙස වර්ගීකරණය කර ඇති රටවල් නවයෙන් තුනක් දැනටමත් නැගිටීමේ සිට නව පාලනය දක්වා සම්පූර්ණ චක්‍රයට භාජනය වී ඇත.
ඉතිරි රටවල් හය සැලකිය යුතු අස්ථාවරත්වයකට මුහුණ දෙමින් සිටී.මියන්මාරයේ සිවිල් යුද්ධයේ සිට ඉන්දුනීසියාවේ සහ ඉන්දියාවේ අඛණ්ඩ විරෝධතා දක්වා, කාම්බෝජයේ දැඩි වන ඒකාධිපති ග්‍රහණය, පාකිස්ථානයේ පුනරාවර්තන දේශපාලන බිඳවැටීමේ චක්‍ර සහ තලේබාන් යටතේ ඇෆ්ගනිස්ථානයේ කල් පවතින පාලන රික්තය දක්වා පැමිණ ඇති ආකාරය මෙම දර්ශකයෙන් පෙන්නුම් කරයි.
පිලිපීනය දැනට එම දර්ශකයේ අස්ථාවරත්වයට මුහුණ දෙන මායිම් රේඛාවේ පවතී. නමුත් ආර්ථික අපරාධ, නියාමන හිඩැස් සහ වැඩිවන බාහිර බලපෑම පිළිබඳ ඉහළ යන උත්සුකයන් පිළිබිඹු කරමින් ඉහළ අවදානමක් කරා නැඹුරුතාවයක් පෙන්වන බවද මහාචාර්යවරයා පවසයි.
සහස්‍ර ව්‍යාපෘතිය යනු ජාත්‍යන්තර සංවිධාන, රජයන්, සංස්ථා, රාජ්‍ය නොවන සංවිධාන සහ විශ්ව විද්‍යාල සඳහා සේවය කරන අනාගතවාදීන්, විද්වතුන්, ව්‍යාපාර සැලසුම්කරුවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් සමන්විත ගෝලීය සහභාගීත්ව බුද්ධි මණ්ඩපයකි.
එය 1996 දී ඇමරිකානු කවුන්සිලය යටතේ එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලය යටතේ පිහිටුවන ලද අතර එය 2009 දී ස්වාධීන වී ඇති අතර වර්තමානයේ ලොව පුරා රටවල් 72 ක ස්ථාපිත කර ඇති අතර එය ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති විශාලතම බුද්ධි මණ්ඩපය ලෙස සැලකේ.
මෙම වසරේ මැයි මාසයේදී සහශ්‍රක ව්‍යාපෘති මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසු, පසුගිය මාස හය තුළ එහි අධ්‍යක්ෂවරුන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ ආර්ථික වර්ධනය, සමාජ යහපැවැත්ම, පාරිසරික තිරසාරභාවය සහ යහපාලනය ප්‍රධාන කුළුණු හතරක් ලෙස එක්සත් අනාගතයක් කරා ගමන් කිරීමේදී ශ්‍රී ලංකා රජයේ දැක්මට සහය විය හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා මාලාවක් පැවැත්වීය.
ඡායාරූපය 1 (වමේ සිට දකුණට) : මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලයහි අධ්‍යක්ෂවරුන් - ඉම්රාන් ඒ. කාදර් සහ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, මිලේනියම් ව්‍යාපෘති ශ්‍රී ලංකා නෝඩ්හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස අලුතින් පත් කරන ලද - වී. ජ. මු. දමිත් ලොකුබණ්ඩාර, මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලයේ සභාපති - මහාචාර්ය අසංග අබේගුණසේකර.
ඡායාරූපය 2 (වමේ සිට දකුණට) : මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ මිලේනියම් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලයේ සභාපති - මහාචාර්ය අසංග අබේගුණසේකර
(සටහන | ජේ.මුණසිංහ)