පසුගිය දින කිහිපය පුරාවට පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය අඩුවීමත් සමග, ජල මුලාශ්‍ර හා ළිං වලට අපද්‍රව්‍ය එකතුවීමෙන් පානීය ජල ගැටළුවකට ජනතාව මුහුණපාමින් සිටීයි.
ඊට පිළියමක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා සහන කණ්ඩායම් පානීය ජල ළිං පිරිසිදු කිරීම සිදු කරමින් සිටින අතර, හොරණ,කළුතර, අගලවත්ත, ගම්පහ, බෝපිටිය, පුත්තලම සහ නාත්තණ්ඩිය යන ප්‍රදේශයන්හී මේ වන විට පානීය ජල ළිං 254 ක් පමණ පිරිසිදු කිරීමට නාවික හමුදා සහන කණ්ඩායම් සමත් වී ඇත.
තවද, පසුගිය දිනයන්හී නාත්තන්ඩිය ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ජංගම ප්‍රති ආශ්‍රැත පිරිපහදු යන්ත්‍රයක් ද ස්ථාපිත කරන ලදී.
{gallery}ganwathura{/gallery}

