බැදුම්කර වාර්තාවේ සී 350 ලේඛනය : වල දැමීමේ සූදානමක්

බැදුම්කර වාර්තාවේ සී 350 ලේඛනය : වල දැමීමේ සූදානමක්

බැදුම්කර වාර්තාවේ සී 350 ලේඛනය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වසර 30 ක් වල දැමීම වලක්වා එහි පිටපත් ජනතාවට ලබා දෙන ලෙස ලෙස කැෆේ සංවිධානය ජනාධිපති ලේකම් ගෙන් නැවතත්   ඉල්ලීමක් සිදුකර ඇත.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වෙත තෙවන වරටත් ලිපියක් යොමුකරන කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර  කොමිෂන් සභා වාර්තාව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වසර 30 කට වසා දමා, ජනතාවට ප්‍රවේශ විය නොහැකි ලෙස වසන් කිරීම සදහා සියලු කටයුතු සුදානම් බවත් එය වලක්වා ජනතාවට එම ලේඛනය පරිහරණය සදහා අවස්ථාවක් ලබා දෙන ලෙසත් එහි අවධාරණය කර ඇත.

පහත පලවන්නේ එම ලිපියයි.

ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා,
ජනාධිපති ලේකම්,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 1.
 
ප්‍රියලේකම්තුමනි,

බැදුම්කර වාර්තාවේ සලකුණු කළ ‘සී 350‘ ලේඛනයේ පිටපතක් ලබා ගැනීම

උක්ත කරුණ පිළිබද ඔබතුමන් හා අද උදේ 8.45 ට පමණ පැවැත්වූ දුරකතන සාකච්ඡාව හා බැදේ.

ඔබගේ උපදෙස් අනුව, මම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු වෙත මාගේ නිලධාරීන් යවා අදාළ ලේඛන පිටපතක් ලබා ගැනීමට උත්සහ දැරීමි. ඔවුන් මා වෙත ප්‍ර‍කාශ කළේ 1973 අංක 48 දරණ රාජ්‍ය ලේඛනාරක්ෂක පනතේ 16 ඩී වගන්තිය යටතේ (එනම් 3 (සී) අනු වගන්තිය යටතේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන්ට අදාලව) අදාළ ලේඛණය වසර 30 ක් යන තෙක් විවෘත නොකරන බවයි.

අදාළ පනතේ 11, 16, 16ඩී, 3 සී වගන්ති කොටස් මෙයට අමුණා ඇත.

කෙසේ නමුත්, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක කොටස් මහජනතාවගේ පරිශීලනය සදහා ලබාදීමට අනුමැතිය ලබාදීමේ හැකියාවක් ජනාධිපති ලේකම්වරයා පවතින බව ද, පනතේ සදහන් වේ.

ප්‍රිය ලේකම්තුමනි,  ඔබතුමන් අද උදෑසන් මා සමග පැවසූවේ මෙම ලේඛන වසන් කිරීම සදහා ඔබට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.   ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කිරීම සදහා ඔබට අවස්ථාව පවතී. කරුණාකර මා මුලින් ඉල්ලා සිටි සී 350 ලේඛනය පමණක් නොව සමස්ථ බැදුම්කර වාර්තාවම පොදු මහජන පරිශීලනය සදහා නිදහස් කරන ලෙස කාරුණිවක ඉල්ලා සිටිමි.

එසේම, අපගේ සීමිත අවබෝධය අනුව සී 71, සී 123, සී 279, සී 281, සී 67 ඩී වැනි ලේඛන ද, බැදුම්කර වංචාවේ ප්‍ර‍තිලාභීන් හදුණාගැනීම සදහා වැදගත් වන්නේ යැයි සිතමි. 

සී 350 ලේඛනය හෝ ඉහතින් දක්වා ඇති අනෙකුත් තොරතුරු ජනතාවට නිරාවරණයවීම වලක්වන ලෙස නීතිපති හෝ  හෝ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ දක්වා ලිඛිත ඉල්ලීමක් සිදු කර නොමැති බවත්, එසේ කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත් මාගේ විශ්වාසය යි.

ලේඛනාරක්ෂක පනත යටතේ, වසර 30 ක් ගතවන තුරු බැදුම්කර වාර්තාවේ තොරතුරු වසන් කිරීම තුළින් සිදුවන්නේ බැදුම්කර හොරුන් ආරක්ෂා කිරීම සදහා සෘජුව හා වක්‍ර‍ව සහාය දීම පමණකි.

එබැවින්, මෙම ලේඛණ පිටපත් ලබා ගැනීම අවශ්‍ය විධිමත් අවසරය හා උපදෙස් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව (අධ්‍යක්ෂ ජෙනරාල් එන්. රූපසිංහ 0112671042) වෙත යොමු කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලමි.
 
මෙයට විශ්වාසී,
 
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න