ජනාධිපතිතුමන් තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබුණේ මොනවද දන්නේ නැතිවා වගේම තමන් ජනාධිපති වුණේ කවදා කොයි මොහොතේ සිටද කියා දන්නෙත් නැති බව පෙනෙතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශකර ඇත.
ප්‍රසිද්ධ පුවත්පතක් සිදුකළ විමසීමකදී මන්ත්‍රීවරයා ඉහත ප්‍රකාශය සිදුකර ඇත.
එසේම 2016 අප්‍රේල් මාසයේ දිනක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උත්සවයක් අමතමින් මම මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටරයක් දුන්නා. අපි පැරදුනා නම් අඩි හයක් යට යැයි පැවසූ බවත් ඊයේ කථාවක දී මහින්දට හෙළිකොප්ටර් දුන්නේ කවුදැයි ගුවන් හමුදාපතිගෙන් ඇසුවා නම් කියාවි යැයි කී බවත් මේ කථා දෙකම බොරු බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
2015 ජනවාරි 9 වැනිදා උදේ 9.30 වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ එදින සවස 6.30 ට බවත් පෙන්වා දුන් ගම්මන්පිල මහතා ඒ අනුව රාජපක්ෂ මහතාට රජයේ හෙලිකොප්ටරයක් රැගෙන ගෙදර ගිය බව සැබෑ නමුත් එය ගෙන ගියේ විධායක ජනාධිපතිවරයා වශයෙන් ඔහු විසින්ම බවත් පවසා ඇති මන්ත්‍රීවරයා විධායක ජනාධිපතිට හෙළිකොප්ටරයෙන් ගමනක් යන්නට කාගෙන්වත් අවසර වුවමනා නොවන බව හෙළිකොප්ටර් වලින් සවාරි යන ජනාධිපතිතුමන් නොදැන සිටීම කණගාටුවට කරුණක් බවත් සඳහන් කර ඇත.

