ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්දධ වීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ ඊයේ (30) පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන ඇත.
මෙම යෝජනාව මගින් උත්සාහ කරන්නේ මැතිවරණ සිතියම අකුලා දැමීමත්, රනිල් වික‍්‍රමසිංහට බලය දීමටත් යයි සඳහන් කරමින් මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රීවරයා සාකච්ඡාව ආරම්භයේදීම පවසමින් අදාළ යෝජනාවට එකහෙලාම විරුද්ද විය යයිද සදහන් කර ඇත.
ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිදු පක්‍ෂ නායකයෙක් ඊට විරෝධයක් දක්වා නැති අතර ඒ අනුව එම යෝජනාව පරාජය කිරීම සදහා ඡන්දය ලබා දීමට ඒකමතිකව තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
