ජනාධිපතිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන්න එපා : අගමැතිගෙන් නියෝගයක් !

ජනාධිපතිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන්න එපා : අගමැතිගෙන් නියෝගයක් !

පූජ්‍ය මාඳුළුවාවේ  සෝභිත හිමියන්ගේ  75 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ අදහස් දැක්වීමවලට කුමනාකාරයකින්වත් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින්නැයි අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ විසින්  එක්සත් ජාතික පක්ෂ නායකයින්ට   නියෝගකර ඇති බව වාර්තා වෙයි. 

අද (31) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී අග්‍රාමාත්‍යවරයා මෙම නියෝගය සිදුකර ඇති අතර එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයින් කළ යුත්තේ ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්වීම නොව ජනතා ප්‍රතිචාර අනුව වැඩ කිරීම යැයිද අග්‍රාමාත්‍යවරයා  එහිදී සඳහන් කළ බවද වාර්තා වෙයි.

මාඳුළුවාවේ සෝභිත නාහිමි ගුණ සමරුවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා  පළ කළ කරුණු සම්බන්ධයෙන් රටට කරුණු කිව යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී  මණ්ඩලයේදී තරුණ දේශපාලනඥයින්  ප්‍රබල ඉල්ලීමක් අගමැතිවරයාට  යොමුකර ඇති අතර ඊට  සාවදානව සවන් දුන්  අග්‍රාමාත්‍යවරයා මෙම නියෝගය නිකුත්කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න