එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දිස්ත්‍රික් මට්ටමින් සහ පක්ෂ දේශපාලන මණ්ඩලයෙන් නව සාමාජිකයින් නව දෙනකු පත්කර ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (31) පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වු අවස්ථාවේදී මෙම පත් කිරීම් සිදු කර ඇත.
ඒ අනුව නව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ලෙස පත්ව ඇත්තේ මාතර - බුද්ධික පතරණ, මහනුවර - ලකී ජයවර්ධන, කෑගල්ල - තුසිත විජේමාන්න, මැදිරිගිරිය- සිඩ්නි ජයරත්න, රත්නපුර ඒ.ඒ විජේතුංග සහ දුනේෂ් ගන්කන්ද, ගම්පහ -අජිත් මානප්පෙරුම ය. ඔවුන් දිස්ත්‍රික් මට්ටමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කර තිබෙන අතර දේශපාලන මණ්ඩල සභිකයකු වන නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල ද කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කර තිබේ.
පක්ෂයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික ඇතුළු අලුතින් පත් කළ යුතු නව පත් කිරීම් සිදුකිරීමටද මෙහිදී තීරණය වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
