රහස් රැසක් එලියට : ලසන්ත ඝාතනය ගැන පාපොච්චාරණයක් !

රහස් රැසක් එලියට : ලසන්ත ඝාතනය ගැන පාපොච්චාරණයක් !

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සාක්කි වසන් කිරීමට සහ ව්‍යාජ සාක්ෂි ඇතුළත් කිරීම සම්බන්ධව චෝදනා ලබා මේවනවිට රක්ෂිත බන්ධනාගාරව සිටින ගල්කිස්ස පොලිසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්ස සුගතපාල මහතා අද (31) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පපොච්ජාරණය සිදුකර තිබේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු නොපවත්වන ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා, ප්‍රසන්න නානායක්කාර මහතා බලපෑම් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිට ඉහතදී අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සාක්කි වසන් කිරීමට සහ ව්‍යාජ සාක්ෂි ඇතුළත් කිරීම සම්බන්ධව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ද මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

මෙම ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි වසන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කිරීමට ඉඩ ඇති හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුලූ හිටපු උසස් පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි 02දා නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න