ඉෂාරාට සැඟවීමට ආධාර දුන් බෑනා හා නැන්දම්මා අත්අඩංගුවට

ඉෂාරාට සැඟවීමට ආධාර දුන් බෑනා හා නැන්දම්මා අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය 2025.10.16 වන දින හා සැකකරු 2025.10.17 වන දින කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 31 ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 52 ක් වන වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරු සැකකාරියගේ බෑණා වේ. කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සැකකරු හා සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම පුවතට අදාල වැඩිදුරටත් විස්තර :

 

ඉෂාරාගේ පාපොච්චාරණයෙන් පහක් අල්ලයි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.