අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නවතා දැමීම : මගී සංගම්වල ප්‍රසාදයට !

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නවතා දැමීම : මගී සංගම්වල ප්‍රසාදයට !

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නවතා දැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට බස් මගී සංගම් ප්‍රසාදය  පළකර සිටියි.

ඒ බව සඳහන් කරමින්  කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි දැක්වෙන්නේ  අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව තුල පැවති ගැටලු හේතුවෙන් මගී ජනතාවගේද යම් විවේචනයකට ලක්ව තිබූ බවත් අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වූ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට රජය විසින් ගෙන ඇති තීරණය පිළිබඳව අප සංගමයේ ප්‍රසාදය පළ කර සිටින බවත් ය.

මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ජාතික ගමනාගමන කොමිසම ගෙන ඇති  තීරණය ඒ ආකාරයටම ක්‍රියාවට නංවා මගී ජනතාවට ඉහල මට්ටමේ ප්‍රවාහන සේවයක් ලබාදීමට කටයුතු කරන ලෙසද එම සංගමය  ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න