ජනාධිපති ලේකම් : බැඳුම්කර සල්ලි ගත්ත අයව රකිනවා 

ජනාධිපති ලේකම් : බැඳුම්කර සල්ලි ගත්ත අයව රකිනවා 

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍ර‍නාන්දු  2018 ජනවාරි 18 සිට අද දක්වා මාස හතර හමාරක් බැදුම්කර වාර්තාව නොදී තමන්ව වටේ යැවූ බවත් ඒ බැඳුම්කර ගනුදෙනුවෙන් මුදල් ලබාගත් පාර්ශව ආරක්ෂා කිරීමට බවත්  කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බැදුම්කර වාර්තාවේ කොටසක් තොරුතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත යුතුයි කියා  ජනාධිපතිවරයා කියන නමුත්  එය ‘ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන්‘ ලබාගත යුතුයි කියා  මැයි 31  ජනාධිපති ලේකම්වරයා පැවසු බවත් ඊටත් වෙනස් කතාවක් ඔහුම  ජුනි 1 වනදා සිදුකරමින්  අදාළ "වාර්තාව ප්‍ර‍සිද්ධ කරන්න නීතිපති උපදෙස් ලබාගන්නවා" යනුවෙන් පවසා ඇති බවද එම නිවේදනය පෙන්වා දෙයි.
 

මේ රටේ පරිපාලන සේවයේ ප්‍ර‍ධානියා, ජනාධිපති ලේකම්වරයා මාස 4 ½ ක් කැෆේ විධායක අධ්‍යක්ෂවරයා ඇතුළු , මේ ලේඛනය ඉල්ලපු සැවෝමත් වටේ යවා තිබෙන බව සඳහන් කරන එම නිවේදනය   පාර්ලිමේන්තුවට  සම්පූර්ණ වාර්තාව ලබාදී නොමැති බවට කැෆේ සංවිධානය පළමුව අනාවරණය කල බවත්   වාර්තාවේ පිටු 5000 කට වැඩි ප්‍ර‍මාණයක් පාර්ලිමේන්තුවට ලබා නොදුන් බව පසුව තහවුරුවූ බවද පෙන්වාදී සිටියි.

තොරතරු පනත යටතේ ජනාධිපති ලේකම්වරයා සම්පූර්ණ වාර්තාව ලබා දී නොමැති බවත්  මේ සූදානම  බැදුම්කර වාර්තාව අවුරුදු 30 ක් වලේ දාන්න නීතිපති ගේ සහාය ගැනීමට උත්සහ දැරීම පමණක් බැවින් එම  කුමන්ත්‍ර‍ණය පරාජය කළ යුතු බවද එහි දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න