මහසෝන් ලොක්කාට පහරදීම : හෙළ උරුමය විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි 

මහසෝන් ලොක්කාට පහරදීම : හෙළ උරුමය විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි 

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ මුස්ලිම් විරෝධී කෝලහාල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මහසොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට බන්ධනගාර රෝහලේ දී රෝහල් නිලධාරියෙකු විසින් සිදුකර ඇති පහරදීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හෙළ උරුමය පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සඳහන් කරයි.

රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට ඖෂධ කවුන්ටරය වෙත ගිය අවස්ථාවේ දී ඖෂධ සංයෝජක සමග ඇති වූ බහින් බස්වීමකින් පසු අමිත් වීරසිංහට මෙම පහරදීම සිදුකර ඇත.

බන්ධනාගාර රැඳවියෙකුට එහි නිලධාරියෙකු පහරදීම බරපතල වරදක් බවත්  විශේෂයෙන්ම රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ දී මෙවැනි පහරදීමක සිදුකිරීම රැඳවියාගේ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

අදාළ සිදුවීම පැහැදිලිව හෙළා දැකිය යුතු සිදුවිමක් වන අතර මේ පිළිබඳ රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ හඩනඟන සංවිධාන, මානව හිමිකම් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, නොදැක්කා සේ අහක බලාගෙන සිටින්නේ අමිත් වීරසිංහ සිංහල බෞද්ධයින් වෙනුවෙන් හඩනැගීම හා සංවිධානයවීම නිසාද යන ප්‍රශ්නය පැනනගින බවද ඔහු සඳහන් කර සිටියි.

දෙමළ රැඳවියෙකුට මෙවැනි තත්ත්වයක් ඇතිවූයේ නම් ඒ වෙනුවෙන් හඩ නඟන්නට උද්ඝෝෂණ කරන්නට හා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමට පෙරට එන අය බොහෝ සිටින බවද සඳහන් කරන මන්ත්‍රීවරයා අමිත්ගේ මත අදහස් ක්‍රියාකාරකම් අනුමත නොකළ ද, රැඳවියෙක් ලෙස ඔහුට හිමි හිමිකම් උදුරා ගැනීමට ඉඩදිය යුතු නැති බවද සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න