බැදුම්කර වාර්තාවේ ඇමුණුම් 13 ක් ලබා දෙන ලෙස ඉල්ලා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් අද (ජූනි 2) කථානායක කරු ජයසූරිය වෙත ලිපියක් යොමු කර ඇත.
බැදුම්කර වංචාවේ චූදිතයින්ගේ ප්‍රකාශ/හෙළිදරව් කිරීම අපරාධයක් බව සිය ලිපියෙන් දක්වන තෙන්නකෝන් මහතා මෙම තොරතුරු වසන් කිරීමෙන් වාසි ලබන්නේ අපරාධකරුවන් පමණක් බව ද දක්වයි.
බැඳුම්කර ජනාධිපති කොමිසමේ මෙතෙක් අනාවරණය නොකළ කොටස් ඉල්ලා මීට පෙර කැෆේ සංවිධානය ජනාධිපති ලේකම්වරයාටද ලිපියක් යොමුකර තිබිණ.
පහත දැක්වෙන්නේ බැදුම්කර වාර්තාවේ ඇමුණුම් 13ක් ඉල්ලා කථානායක කරු ජයසූරිය වෙත කැෆේ සංවිධානය යොමුකළ ලිපියයි.
2018 මැයි 2
කරු ජයසූරිය මැතිතුමා,
ගරු කථානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
ගරු කථානායකතුමනි,
බැදුම්කර කොමිෂන් සභා වාර්තාවට සම්බන්ධයෙන් ඇමුණුම් ලබා ගැනීම
ඔබ වෙත යොමු කළ 2018 ජනවාරි 18, සහ 24 ලිපි ද, 2018 මැයි 31 ලිපිය හා බැදේ. මාගේ අවසන් ලිපියට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම පිළිබද ස්තුතිවන්ත වෙමි.
ඒ අනුව, බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ පහත අංක සහ නම් සදහන් ලේඛන පිටපත් මා වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.
1. C 71, C 67-D, C 68-C, C 123, C 148, C 279, C 281 අංක දරණ ලේඛන/ඇමුණුම් 7
2. කසුන් පළිසේන ඇමුණුම (පිටු. 2300/සියළු කොටස්)
3. අර්ජුන් මහේන්ද්‍රන් ඇමුණුම පිටු 1150+
4. පී.සමරසිරි ඇමුණුම පිටු 540+
5. ගාමිණී විජේසිංහ ඇමුණුම පිටු 1346+
6. ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇමුණුම පිටු 930
7. ජේ.කේ.ඒ.ධර්මපාල ඇමුණුම පිටු 1350
බැදුම්කර වාර්තාවට අදාළ ඇමුණුම් සියල්ල මේ වන විට දැක ඇත්තේ බැදුම්කර කොමිෂන් සභාව සහ ජනාධිපති ලේකම්වරයා පමණී. එබැවින් එම ලේඛන සියල්ලට ප්‍රවේශය සහිත පුද්ගලයා මේ ලේඛන කිසිවක් නොදුටු අපගෙන් අපට අවශ්‍ය ලේඛනවල නිශ්චිත අංක, නම් සහ විස්තර, මුදල් ප්‍රමාණයන් පිළිබද නිශ්චිත තොරතුරු ඉල්ලා සිටීම හාස්‍යජනකය.
2018 ජනවාරි 18 දින මා ඉල්ලා සිටි ‘සී 350‘ ලේඛනය එදා ප්‍රසිද්ධියට පත්වූයේ නම් මේ වන විට මෙම ගණුදෙනුවලට අදාළ පුද්ගලයින්, ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන්, පිළිබද තොරතුරු ජනතාව විසින්ම ස්වෙච්ඡාවෙන් ලබාදිය හැකිව තිබුණි.
කිසිවෙකුටත් අගතියක් නොවන ලෙස උදාහරණයකින් පවසන්නේ නම්, ‘B‘ කියන දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට රු. මිලියනය බැගින් වන චෙක්පත් තුනක් ලැබීමට ඇති හැකියාව පිළිබද උක්ත ලේඛන පරීශීලනයෙන් ගවේෂණාත්මක වාර්තාකරුවෙකුට බැදුම්කර වංචාව පිළිබද කිසිවෙකුත් නොදකින මානයක් අනාවරණය කළ හැකි වනු ඇත.
බැදුම්කර වංචාවේ චූදිතයින් බවට පත්ව ඇති අර්ජුන ඇලෝසියස්, අර්ජුන් මහේන්ද්‍රන් හා කසුන් පලිසේන විසින් ලබා දී ඇති සාක්ෂි හෙළිදරව් කිරීම සමාජ වගකීමක් බව තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ගැනීමට මුලික වූ ඔබතුමන් හොදින්ම දනී. මේ සාක්ෂි වසර 30 ක් පුරා වසන් කිරීම තරම් අපරාධයක් තවත් තිබිය නොහැකිය.
එබැවින් ඉහතින් අංක 1 සිට 7 දක්වා ලේඛන පමණක් නොව සමස්ත බැදුම්කර වාර්තාවම මහජනතාවගේ පරිශීලනය සදහා ලබාදිය යුතුව ඇත. ජාතික පුස්තකාලය වැනි ස්ථානයන් හි එහි පිටපත් ප්‍රදර්ශනය කළ හැකි නම්, මෙවැනි සැලසුම් සහගත මුල්‍ය අපරාධයක් වලක්වා ගැනීමට අනාගතයේ දී හෝ හැකියාව ලැබෙනු ඇත.
ගරු කථානායකතුමනි,
එබැවින්, සියළුම ඇමුණුම් සහිත බැදුම්කර වාර්තාව හෝ අවම වශයෙන් ඉහතින් අංක 1 සිට 7දක්වා අංකනය කළ ලේඛන හෝ ප්‍රසිද්ධ කරන ලෙසත්, එහි පිටපතක් මා වෙත ද ලබා දෙන ලෙසත් නැවතත් ඉතා කාරුණිකව ඉල්ලමි.
මෙයට විශ්වාසී,
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

