“යුද්දේට නැති කඩුව කොස් කොටන්න ද? ” - එස්.එම්.මරික්කාර්

“යුද්දේට නැති කඩුව කොස් කොටන්න ද? ”  - එස්.එම්.මරික්කාර්

ජනාධිපතිතුමා විසින් පවසන හොරකම්, වංචා දූෂණ සිදු කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්  එයට තම විධායක බලය භාවිතා කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්  මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වීය.

‘‘දින 100 වැඩපිළිවෙල කවුරු හැදුව ද කොහොම හැදුවාද කියන එක අපි නම් දන්නේ නෑ. හැබැයි දින 100 වැඩපිළිවෙල ගමක් ගානේ බෙදුවේ යූන්පී කාරයෝ. ඒ වගේ ඒ වෙනුවෙන් උගුරේ ලේ රහ වෙනකම් කෑ ගැහුවේ අපි තමයි. හැබැයි ජනාධිපතිතුමා කියන කතාවේ එක ඇත්තක් තියෙනවා. ඒ තමයි දින 100 වැඩපිළිවෙල කරන්නේ නැතිව ජනවාරි මාසේ 08 වෙනිදා දින්න ගමන් 09 වෙනිදා රාත්‍රියේ පාර්ලිමේන්තු විසුරුවා හැරියා නම්  එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ හැටියට පාර්ලිමේන්තු ආසන 135 කට වැඩි ප්‍රමාණයක් ගන්නවා. එහෙනම්  තනි යූන්පී ආණ්ඩුවක් හැදෙනවා. එහෙනම් ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා එකේ සභාපතිකම ගන්න ලැබෙන්නේ නෑ. එහෙම තනි ආණ්ඩුවක් හැදුවා නම් තොරතුරු දැන ගැනීමේ පනත, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යන ඔක්කොම ගේන්න තිබුනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නැතිව . ජනවාරි 09 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මැතිවරණය තිබ්බා නම් .මහ බැංකු මංකොල්ලය වෙන්නේ නෑ. මහ බැංකු හොරකම වුනේ මාර්තු මාසේ. ඒ නිසා අපි දැන් විධායක ජනාධිපති හැටියට ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා දන්නේ නෑ කිය කිය  ඉන්න බෑ. ඕවර් රූල් කරන්න පුලුවන්. ආන්ඩුවේ කිසියම් හෝ ප්‍රධානියෙක් මේ රජය වැරදි පාරේ මෙහෙය වනවානම් . හොරුත් එක්ක ඩීල් දානවා නම් නඩු හබ ප්‍රමාද කරනවා නම් ඔබතුමා විධායක ජනාධිපති වරයා හැටියට .විධායක  බලය පාවිච්චී කරන්න.“ මොකද කතාවක් තියෙනවානේ “යුද්ධයට නැති කඩුව කොස් කොටන්න ද කියලා.” ඒ නිසා  විධායක ජනාධිපතිකම පාවිච්චී කරලා වැරදි කාරයෝ ඔක්කොම හිරේ දාන්න යැයි පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න