ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින්, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහායෙන්, ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින්, ගුණාත්මක බවින් ඉහළ “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩ පිළිවෙළක් ඊයේ (27) සිට ආරම්භ කරන ලදී.
මේ අනුව ධීවර යාත්‍රාවලට අවශ්‍යය ඇමරිකානු තත්ත්ව සහතික ලත් ගුණාත්මක ලිහිසි තෙල් නිෂ්පාදන ධීවර වරාය පරිශ්‍රයෙන්ම මිලට ගැනීමට හැකිවේ. මෙහි මුල් පියවර අද දික්ඕවිට ධීවර වරායෙන් ආරම්භ කළ අතර, ඉදිරියේ දී රට පුරා පිහිටුවා ඇති ධීවර වරාය 25ක් ආශ්‍රිතව විශේෂයෙන් බහුදින ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය ලිහිසි තෙල් ධීවර ප්‍රජාවට සහනයක් වන අයුරින් ලබාදීමට සැලසුම් කර ඇත.
මෙහි ආරම්භක අවස්ථාව අද බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, සාගර ජලජ සම්පත් සහ ධීවර කටයුතු පිළිබද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙසේකරන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
එහි දී අදහස් දැක් වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි...
ධීවර ප්‍රජාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය නිශ්චිතව ම ධීවරයාට
“රජයේ ආයතන හරහා ලැබෙන ලාභය පෙරළා ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් දියුණු කිරීම සදහා වැයකරනවා. ධීවර ප්‍රජාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය නිශ්චිතව ම ධීවරයාට ම ලැබෙන බවට සහතික කෙරෙන වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස්කරනවා. ඒ හා ආශ්‍රිතව සිදුවන අයතා ගණුදෙනු වැලැක්වීමට ද පියවර ගන්නවා. රාජ්‍ය හිමිකාරීත්වය සතු ආයතනයක් ලෙස ඉහළ ගුණාත්මක නිෂ්පාදන ක්‍රියාවලියක් ඔස්සේ නිෂ්පාදනය වන සිපෙට්කෝ ලිහිසි තෙල් නිෂ්පාදන අන්තර්ජාතික තත්ත්ව සහතික ලබා තිබෙනවා. ඒවායේ ගුණාත්මකභාවය තහවුරු වී තිබෙනවා. ධීවර ප්‍රජාව මෙන්ම අනිකුත් යාන වාහන භාවිතාකරන්නන් ද එකී නිෂ්පාදන භාවිත කළ යුතු යැයි මම ඉල්ලා සිටිනවා.”
මෙහි දී සාගර ජලජ සම්පත් හා ධීවර කටයුතු පිළිබද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන්, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ඇතුළු ඉහළ නිළධාරීන් කීප දෙනෙක් සහ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි ද අදහස් දැක්වූහ.


