විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ වැඩ බාර ගනී

විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ වැඩ බාර ගනී

විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ‌යේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ වැඩ බාර ගැනීම අද (03) සිදු කෙරිණ.

වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකොන් වෙත සිය සුබ පැතුම් එක් කළ අතර හෙතෙම කියා සිටියේ, මෙම අංශය යටතේ සිදුවන ප්‍රධාන කටයුත්තක් වන වෛද්‍ය නිලධාරින්ගේ ආයතනික රාජකාරී පිළිබඳ අවශ්‍ය නිසි කටයුතු ඉටු කිරීමට අවශ්‍ය දැනුම, කුසලතාව මෙන්ම ආකල්ප ද විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකොන් සතුව ඇති බවයි.

වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ ආයතනික රාජකාරී කටයුතු විධිමත් කිරීමට කටයුතු කිරීම තුළ ශ්‍රී ලාංකීය ජනතාව වෙත වෛද්‍යවරුන් විසින් ලබාදෙන සේවා උපරිමයෙන් ලබාදීමට දිරිගන්වන ආයතනික පරිසරයක් නිර්මාණය කිරීමට නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට හැකි වනු ඇති බව ද සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

සමිද්ධි සමරකොන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මාතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආයතන, පුහුණු හා පර්යේෂණ වැනි තනතුරු ගණනාවක් හොබවා ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින්, ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් යන අය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්)

විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ වැඩ බාර ගනී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න