ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ජල කළමනාකරණය සහ දේශගුණික විපර්යාසයන්ට නොබියව මුහුණ දෙමින් තම ගොවිතැන ජයග්‍රාහීව කරගෙන යාමට සුළු හා මධ්‍ය පරිමාණ ගොවියාට වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය මගින් මග පෙන්වූ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති ලාල් කාන්ත ප්‍රකාශ කළේය.
වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යංශය හා අධ්‍යයන සහකරු ලෙස ක්‍රියා කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයත් අත්වැල් බැඳ ගනිමින් ආහාර, ජලය සහ දේශගුණික සුරක්ෂිතාව සඳහා ඒකාබද්ධ ජල කළමනාකරණය මැයෙන් ඉකුත්දා කොළඹදී පැවැති Climate Action Symposium 2025 නම් අන්තර්ජාතික සමුළුව අමතමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
කෘෂිකර්මාන්තයේ එදා මෙදා තුර ගමන් මග පැහැදළි කළ ඇමැතිවරයා මෙසේද කීය.
මානවයාගේ පරිණාමයේ සිදු වූ යුග මාරුවෙන් මිනිසා ගොවි යුගයට....
මානවයාගේ පරිණාමයේ සිදු වූ යුග මාරුවෙන් මිනිසා ගොවි යුගයට පැමිණීමත් සමඟ කෘෂි කර්මාන්තයේ මූලාරම්භය සිදු විය. පෘථිවි ජනගහනයෙන් වැඩි පිරිසක් නියෝජනය කරන ආසියානු කලාපය කෘෂි කර්මාන්තය සඳහා මූලිකත්වය ලබා දෙයි.
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ජනයා, මහපොළව සමඟ උරෙනුර ගැටෙමින් තම දහඩිය,ශ්‍රමය වාතලයට මුසු කර සුවහසක් ජනයාගේ සහ රටේ ආර්ථිකයට නිහඬ මෙහෙවරක් අදටත් ඉටු කරයි.
මුළු මහත් ලෝකය ම දවමින් ඇති වෙමින් පවතින දේශගුණික විපර්යාසයන්; මෙකි නිහඬ මෙහෙවරට අභියෝගයක් වෙමින් ආපසු හැරවිය නොහැකි මෙන් ම වැළැක්විය නොහැකි පාරසරික ගැටළුවක් බවට අද පත් වී හමාරය.
මෙකී අභියෝගයට පෙරලා අභියෝගයක් වෙමින් වියළි කලාපයේ මිනිසුන්ට දේශගුණික විපර්යාස නිසාවෙන් මුහුණ දීමට සිදු වී ඇති ආන්තතික බලපෑම් අවම කර දී ඒකාබද්ධ ජල කළමනාකරණය ශක්තිමත් කිරීම, දේශගුණික සුහුරු කෘෂි කර්මාන්තය පෝෂණය කිරීම සහ ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන විසඳුම් ඉදිරිපත් කරමින් වියළි කලාපයේ ජනතාවගේ දිගු කාලීන තිරසාරභාවය සහතික කර කෘෂිකම පශු සම්පත් ඉඩම් හා වරිමාර්ග අමාත්‍යාංශය, පරිසර අමාත්‍යංශ, මුදල් අමාත්‍යංශය හා හරිත දේශගුණික අරමුදල සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය හෙවත් වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය වන අප ව්‍යාපෘතිය වියළි පොළව සිසාරා අස්සක් මුල්ලක් නෑර ගොස් වියළි කලාපයේ දේශගුණික විපර්යාසයන් හමුවේ පොර බඳින මිනිසුන් ඇතුළු සතා සිව්පාවාගේ, ජිවිත කතාවේ අඳුරු වෙමින් ගිය පිටු, එම තත්වයන්ගෙන් වෙනස් කොට, වර්ණවත් පරිච්ඡේද බවට පත් කිරීමට ගනු ලැබූ නොපසුබට උත්සාහයේ මල්ඵල දරන කාලය පැමිණ ඇත.
සාම්ප්‍රදායික භාවිතයන් නවීන තාක්ෂණය සමග මුසුකරමින්...
ඒකාබද්ධ ජල කළමනාකරණයක් ප්‍රවේශයක් තුළින් ශ්‍රී ලංකාවේ වියළි කලාපීය සුළු ඉඩම් හිමි ගොවීන්ගේ, විශේෂයෙන් කාන්තාවගේ දේශගුණික විපර්යාසයන්ගෙන් අහිතකර බලපෑම්වලට අනුහුරු වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය මී ඔය, මල්වතු ඔය සහ යාන් ඔය ගංගා ද්‍රෝණි ඔස්සේ එල්ලංගා පරිසර පද්ධති පදනම් කරගත් ප්‍රවේශයක් හරහා වසර අටක් පුරාවට ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ජල කළමනා කරණය සහ දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම පරිවර්තනය කරන අතර ගම්මානයන්හි වාරිමාර්ග පද්ධති පුනරුත්ථාපනය කිරීම, එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සමඟ දේශගුණික සුහුරු කෘෂිකර්මාන්තය (Climate Smart Agriculture) හඳුන්වා දී කුඩා වතු හිමියන්, විශේෂයෙන් කාන්තාවන් අතර ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරමින් එය ආහාර, ජලය සහ ජීවනෝපාය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා සාම්ප්‍රදායික භාවිතයන් සහ නවීන තාක්ෂණයන් ඔවුන් වෙත ගෙන යයි.
" මම ලේසියෙන් ව්‍යාපෘතියක් සාර්ථකයි කියලා කියන්න කැමති නෑ. මොකද අපිට ව්‍යාපෘති සම්බන්ධයෙන් තියෙන අත්දැකීම් එක්ක. මට අනුව මේ ව්‍යාපෘතිය සාර්ථකයි.මේක අපිට ආඩම්බරයට පත්වෙන්න පුළුවන් ව්‍යාපෘතියක්.මම විශ්වාස කරනවා මේ සම්මන්ත්‍රණය හොඳ අවස්ථාවක් අපිට ලැබෙන. මේකෙන් අද අපි ඉගෙන ගන්න පාඩම්, ග්‍රාමීය සංවර්ධනය සඳහා වන ජාතික න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතුයි. මේ අත්දැකීම් අපි මිනිස්සු අතර බෙදා ගත යුතුයි. මම මේ ව්‍යාපෘතිය ගැන ජනතාව සමග කතා කළා.
මේ ව්‍යාපෘතිය සමඟ හොඳින් බැඳිලා හිටියා. අපේ රටේ යම් ව්‍යාපෘතියක් සාර්ථක වෙන්න නම් හොඳ අධ්‍යක්ෂවරයෙක් වගේම හොඳ කාර්ය මණ්ඩලයක් අවශ්‍යයි මෙම ව්‍යාපෘතිය ඉතා දක්ෂ ලෙස කාර්‌ය මණ්ඩලය විසින් හසුරුවා තිබෙනවා තිබෙනවා. ඒ වගේම ග්‍රාම නිලධාරී, ගොවිජන සංවර්ධන නිළධාරී, වාරිමාර්ග නිළධාරී වගේ රාජ්‍ය නිලධාරීන් මනාව හසුරවාගෙන තියෙනවා. රාජ්‍ය නිළධාරීන් මනා කළමනා කරණය කර ගත යුතුයි.
ගමක ව්‍යාපෘතියක් සාර්ථක වෙද්දී නිලධාරීන්ගේ සහාය ගැනීම අපහසුයි. නමුත් මේ ව්‍යාපෘතිය ඒ අභියෝගය සාර්ථකව ජයගෙන තියෙනවා.ලංකාවේ 99%ක්ම ව්‍යාපෘති නියමිත කාලයට, නියමිත වේලාවට අවසන් කරලා නෑ.මේ සම්මන්ත්‍රණයට සහභාගි වෙලා ඉන්න හැම කෙනෙකුටම මෙකේ අත්දැකීම බෙදාහදාගන්න විශාල ප්‍රමාණයක් තියෙනවා කියන නිගමනය මට දෙන්න පුලුවන්.අපිට තව මෙවැනි ව්‍යාපෘති අවශ්‍යයි. මෙවැනි ව්‍යාපෘති තව තව ගේන්න පුලුවන් නම් අපිට මේ වැටිලා ඉන්න තැනින් ඉහළට එන්න ඒක ලොකු උදව්වක් කියලා මට හිතෙනවා."
''මේ ව්‍යාපෘතිය අපට වැදගත් පාඩම් රැසක් කියලා දෙනවා''
කෘෂිකර්‌ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ,

'' වැව්ගම පුබුදුව ව්‍යාපෘතිය කියන්නේ රටට වාසි රැසක් ලබා දීලා තියෙන ව්‍යාපෘතියක්. හරිත දේශගුණ අරමුදල (GCF) දායකත්වය සපයන ලද ව්‍යාපෘතිවලින් සාර්ථකව නිම කිරීමක් ඇති ව්‍යාපෘතියක් කියලා මම පැවසීමට කැමති. කොහාමද මේ වගේ අරමුදල් ලැබුනම ඒවා හොදින් කළමනාකරණය කරගෙන ව්‍යාපෘතියක් සිදු කරන්නේ ඒවගෙන් ප්‍රතිලාභ ගන්නේ කොහොමද වගේ දේවල් ගැන මේ ව්‍යාපෘතිය අපට වැදගත් පාඩම් රැසක් කියලා දෙනවා "
" අපි එකම කණ්ඩායමක්. One vision, One team ප්‍රජාවගේ සුබ සිහින වෙනුවෙන්, කැපවුණු පවුලක් "
දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීම සඳහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය හෙවත් වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය,
ඉංජිනේරු චන්දන එදිරිසූරිය
" හරිත දේශගුණික අරමුදල හරහා ලංකාවට ලැබිච්ච විශාලතම Adaptation grant (ඇඩැස්ටේෂන් ගැන්ට්) එක වෙන මේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය වැව් ආශ්‍රිත පරිසරය සුරක්ෂණය කරලා මේ ජල සම්පත ආරක්ෂා කරලා ජල කළමනා කරණය පදනම් කරගත් ව්‍යාපෘතියක්. ' වැව් ගම් පුබුදුවේ සාර්ථකත්වය පිටුපස, දස දහස් ගණනක් ගණනක් වූ ප්‍රජාව, සිය ගණනක් වූ පාර්ශ්ව කරුවන් ගේ මිත්‍රශීලී එකමුතුව, හොඳින් නිරූපණය වෙනවා.
අපි වෙනස් වෙනස් කණ්ඩායම් කිහිපයක් නෙවෙයි.. අපි එකම කණ්ඩායමක්.. One vision, One team / ප්‍රජාවගේ සුඛ සිහින වෙනුවෙන්, කැපවුණු පවුලක්. විද්‍යාත්මකව, විචක්ෂණශීලී ච,නතරම් සාමූහික සාකච්ජා කර ඉක්මනින් තීරණ ගැනීමේ හැකියාව හා වේගයෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව, අපේ සාර්ථකත්වයට හේතුවක් වුණා. එය එක් අයෙකුගේ තනි ජයග්‍රහණයක් නෙවෙයි. සියලු දෙනාගේම, කුඩා කුඩා පියවරවල එකතුවක්. ''
(සටහන - ජේ.මුණසිංහ)

