ජවිපෙ ක්‍රම විරෝධි අරගලයක් වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන සමාජ ව්‍යාපාරයකි.
1971 ‘රැජින ගේ ආණ්ඩුවට එරෙහි ව’ කැරැල්ල, රජය නිර්වචනය කළේ ‘ත්‍රස්තවාදී’ ක්‍රියාවක් ලෙස ය. නීතිය අනුව මර්දනය "සාධාරණ" කිරීමට එම ‘ලේබලය’ භාවිතයට නැගී ය. එහි දිගුව අවසන් වූයේ 1983 දී එම ව්‍යාපාරය තහනම් කිරීමෙනි. විකල්ප සමාජ ක්‍රම පැවැත්මක් වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාගය කරමින් දහස් ගණනක් දිවි පිදූහ. ඒ කම්පනය මුදා හැරීම සඳහා මෙන් ම අරගලය ජයග්‍රහණය කිරීම සඳහා ද සිරගතවූවෝ සිරගෙවල් තුළ සිටිමින් ම කලාව භාවිතයට ගත්හ.

මේ යුගයේ අප අත්විදිමින් සිටින සමාජ ඛේදවාචකය
විමුක්ති ගී නමින් නිශ්චිත ප්‍රසංගය ආරම්භ වන්නේ 1978 ජුලි 26 වන දින කොළඹ නව නගර ශාලාවෙනි. ප්‍රසංග 200ක් ඉක්මවමින් රට පුරා පැවැති එම ගී ප්‍රසංගය 1983 දී ‘තහනම්’ කිරීමට රජය කටයුතු කළේ ය. ‘රාජ්‍ය විරෝධි’ එම ගීත කලාව සහ එහි නියමුවන් බොහෝ දෙනෙකු ඝාතනය වීමෙන් මර්දනීය යුගයක අවසානය සිදු විය.
ඉතිහාසය ලියවී ඇත්තේ පාලකයින් ගේ වුවමනාවට බව අප නැවත නැවත උලුප්පා දැක්විය යුතු නොවේ. ඛේදවාචකය වන්නේ එම ඉතිහාසය වුවමනාවෙන් මගහැර, එය සඟවාලීමට දරන ප්‍රයත්නය යි. එය ‘තක්කඩිකමකි’. මේ යුගයේ අප අත්විදිමින් සිටින සමාජ ඛේදවාචකය එයයි.
‘විමුක්ති ගී’ පුරෝගාමියකු වන ලයනල් බෝපගේ විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය, එම ඉතිහාසය සනිටුහන් කර තැබීමට ගත් වැදගත් වෑයමකි. නිල ඉතිහාසය වෙනත් වටයකින් අභියෝගයට ලක් කිරීමකි.
තක්කඩි සැමවිට ම සැඟවෙන්නේ කොතැන ද...?
ලාංකීය ගීත කලාවේ වර්ධනය ගැන කෙරෙන ඕනෑ ම අධ්‍යයනයක දී ‘විමුක්ති ගී’ කාලාවකාශය මග හැර යා නොහැකි ය. ගී කලාවේ වෙනස් මානයක් මෙන් ම ඒ මොහොතේ මිනිස් සමාජ පරිකල්පනයේ කැඩපතක් ද වන මෙම කෘතිය, ඕනෑ ම සමාජ ව්‍යාපාරයක අදහස් සංවාදයට ලක් කිරීමට කවුළුවක් විවර කර දෙයි.
විශේෂයෙන් සටන් අරගල ව්‍යාපරයක නිරතවූවන් ගේ පරිකල්පනයට සහ මතවාදයට පාලකයන් වැට බැඳීම මේ ඔස්සේ තේරුම්ගත හැකි ය. ඒ ඒ කාල වකවානුවල තමන් නියෝජනය කරන සමාජ පන්තියේ වුවමනා මේ තුළ ප්‍රකාශ වන බැවිනි. එවැනි තක්කඩි සැමවිට ම සැඟවෙනුයේ ‘පවතින ව්‍යවස්ථාව හා නීතිය’ නමැති කඩතුරාවට මුවාවෙමිනි.
නමුත් ඉතිහාසය එලෙස ලෙහෙසියෙන් මරා දමනු නොහැකි ය. ‘ත්‍රස්තවාදීන්’ අතින් බිහි වූ විමුක්තී ගී, කෘතියක් ලෙස එළි දැක්වීම මේ මොහොතේ සුවිශේෂ වැදගත්කමක් හිමි කර ගනුයේ, පීඩිතයාගේ හඬ සිරගෙයි ලෑමට කැසකවන සංදර්භයක් මතු ව ඇති හෙයිනි.
ඉතිහාසයට බිය වීමෙන් අනාගතය නිර්මාණය කළ නොහැකි ය.
මො. ල. සෙනවිරත්න
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
