මාලිමවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරදියි

මාලිමවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරදියි

ජාතික ජන බලවේගයට බලය පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරාජයට පත්වී තිබේ.

අද (06) පෙරවරු 10ට පමණ කොලොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය එහි සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය ආසන 9ක් ද විපක්ෂයේ සියලු කණ්ඩායම් ආසන 10ක් ද දිනා ගනිමින් විපක්ෂය බලය හිමිකර ගත්තද සභාපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වුණි.

එම ඡන්දයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරමින් කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවිය.

කෙසේවෙතත් මංගල අයවැය සඳහා පැවැති පළමුවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැය පරාජය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කර තිබේ.

කොලොන්න ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගයේ සභිකයින් 9ක්, සමගි ජන බලවේගයේ සභිකයින් 5ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් 3ක්, එක්සත් ජාතික පක්ෂයේ එක් සභිකයෙකු සහ සර්වජන බලය පක්ෂයේ එක් සභිකයෙකුගෙන් සමන්විත වෙයි.

( aruna)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න