කැෆේ කීර්ති අන්තිමට ඇලෝටත් ලිපියක් ලියලා !

කැෆේ කීර්ති අන්තිමට ඇලෝටත් ලිපියක් ලියලා !

පර්පචුවල්, මෙන්ඩිස් සහ එයට අනුබද්ධ සමාගම් මගින් මුදල්, තෑගි, පරිත්‍යාග, මැතිවරණ ව්‍යාපාර සදහා ආධාර, ලබා දුන් පුද්ගලයින් පිළිබද රට තුළ දැඩි ආන්දෝලනයක් ඇතිවී ඇති බවත්  2010 ජනවාරි 1 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා  ත්‍යාග හෝ  මුදල් පරිත්‍යාග කොට ඇති පුද්ගලයින්ගේ නාම ලැයිස්තුවක්  ප්‍ර‍සිද්ධියට පත් කරන  ලෙස ඉල්ලා කැෆේ සංවිධානය  අර්ජුන් ඇලෝසියස් සහ   කසුන් පලිසේන වෙත ලියුමක් යොමුකර ඉල්ලා ඇත. 
බන්ධනාගාර කාර්ය භාර   නිලධාරි මගින් 2018 ජුනි 03 වනදා ඔවුන් වෙත යොමුකර ඇති මෙම ලිපියේ ශීර්ෂය යොදා ඇත්තේ " ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය උදෙසා සිදු කරන කාරුණික ඉල්ලීමයි" යනුවෙනි.

දේශපාලනඥයින් ඇතුළු 118 කට හෝ 116 ක හෝ වෙනත් සංඛ්‍යාවකට ඇලෝසියස් පවුල සතු ව්‍යාපාරවල  මැදිහත්වීමෙන් ලැබී ඇති දෑ පිළිබද මාධ්‍ය වාර්තාවල දැක්වෙන බවත් ඒ හරහා   මුදල් ලබා ගත් බව දේශපාලනඥයින් කිහිප දෙනෙකු ප්‍ර‍සිද්ධියේ පිළිගෙන ඇති බවත් එම ලිපියේ පෙන්වා දී ඇති අතර තවත් පිරිසක් මුදල් ලැබුණු/නොලැබුණු බව සෘජුව ප්‍ර‍තිකේෂප කිරීමෙන් වැලකී සිටින බවද සඳහන් කර ඇත.

අල්ලස් හෝ කප්පම් ලබාදීම ලංකාවේ වලංගු නීතිය යටතේ ගැනෙන කාර්යයක් නිසා ඒ පිළිබද ඔබගෙන් විමසීම තම  ලිපියේ අරමුණ නොවන බවත්  ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ඕනෑම අයෙකුට මුදල්, තෑගි, මැතිවරණ ප්‍ර‍චාරක කටයුතු සදහා ආධාර, ආගමික සංවිධාන, පුන්‍ය ආයතන වෙත මුදල්මය හෝ ද්‍ර‍ව්‍යමය ආධාර සිදු කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැති අතර  එය පුරවැසියන් සතු අයිතියක් මෙන්ම  එය මැතිවරණ නීතිය අනුව ද, වරදක් නොවන බවද එම ලිපියේ සඳහන් කර ඇත.

කෙසේ වුවත් එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ  දේශපාලනඥයින්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සහ අනෙකු පුරවැසියන් මේ වන විට පත්ව ඇති අපහසුතාවයෙන් මුදවා ගැනීමට හැකි කෙටිම හා පැහැදිලි මාර්ගය ලෙස කාරනා තුනක් යටතේ තොරතුරු අනාවරණය කිරීමක් අපේක්ෂා කරන බවය. ඒ

1.      උක්ත කාලය තුල, විසින් රු. ලක්ෂ 5 ට වැඩි මුදල් පරිත්‍යාග,
2.      රු. ලක්ෂයට වැඩි වටිනාකමක් සහිත ත්‍යාග,
3.      රු. ලක්ෂයට වැඩි මැතිවරණ අරමුදල් ලබා දී ඇති දේශපාලනඥයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුද? යන්න වෙන් වෙන් වශයෙන් හෙළි කරන්නේ නම් වැදගත් බවය. 

බැදුම්කර සිද්ධිය නිසා ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලනඥයින් ඇතුළු පිරිස් තවදුරටත් අපහසුතාවට පත්වීම වැලැක්වීම අර්ජුන්ගේ සහ කසුන්ගේ වගකීමක් බවත්   යම් හෙයකින් මෙම කරුණු කැෆේ වෙත වෙත ලබාදීම සුදුසු නොවන්නේ යැයි  සිතන්නේ නම්, එම තොරතුරු සෘජුව ගරු කථානායකතුමාට වෙත යොමු කිරීමේ හැකියාව ඇති බවද එහි සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න