නියෝජ්‍ය කතානායකධූරයට නම් 3ක් : ජුනි 5 ජන්දයක් !

නියෝජ්‍ය කතානායකධූරයට නම් 3ක් : ජුනි 5 ජන්දයක් !

පුරප්පාඩුව  පවතින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් හිටපු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරියගේ  නමත්, එක්සත් ජාතික පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරිගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්  මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ නමද  යෝජනා කර ඇති බව වාර්තා වෙයි. 

මෙම ධූරය ශ්‍රීලනිපය සඳහා ආණ්ඩුව විසින් වෙන්කර තිබුණත්, වෙනත් පක්ෂයකින්ද නම් යෝජනා කිරීමේ අවස්ථාව තිබෙන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රීලනිප  16 කණ්ඩායම නියෝජනය කරන ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය  නියෝජ්‍ය කතානායක තනතුර ට පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේද සහයෝගය ලැබෙනු ඇති බවය. නියෝජ්‍ය කතානායක ධුරයට නම් කිහිපයක් ඉදිරිපත් වී තිබෙන හෙයින් සුදුස්සකු තෝරා ගැනීමට අනිද්දා (05) මැතිසබයේදී රහස් ඡන්දයක් පැවැත්වීමට සිදුවන බව කතානායක කාර්යාලය සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න