ඇලෝසියස් සමඟ කතාකළ ලැයිස්තුව : මේ සතියේ පාර්ලිමේන්තුවට

ඇලෝසියස් සමඟ කතාකළ ලැයිස්තුව : මේ සතියේ පාර්ලිමේන්තුවට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්  සමඟ දුරකතන සංවාද පැවැත්වූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ නාමලේඛනය මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව  කතානායක කරු ජයසූරිය සඳහන් කර ඇත.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සමඟ දුරකතන සංවාද පැවැත්වූ මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනය තමාට ලබා දෙන්නැයි ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙන අතර එය ඉක්මනින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද කතානායකවරයා පවසා ඇත.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් ලේඛන අනුව එම නම් හෙළි කරන බවද කතානායකවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න