අස්වැසුම පළමු අදියර නොවැම්බර් දීමනාව හෙට (13)

අස්වැසුම පළමු අදියර නොවැම්බර් දීමනාව හෙට (13)

අස්වැසුම පළමු අදියර නොවැම්බර් මසට අදාළ ප්‍රතිලාභී දීමනාව හෙට (13) බැංකු ගත කෙරෙන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර ප්‍රකාශ කළේය.

මෙලෙස රු11,232,408,750 (රුපියල් කෝටි 1123ක්) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,738 (දාහතර ලක්ෂ පහළොස්දහස් හත්සිය තිස් අට) ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වලට බැර කෙරේ.

එමෙන්ම අස්වැසුම දෙවන අදියර ප්‍රතිලාභීන්ගේ පසුගිය ඔක්තෝම්බර් මස දීමනාව සැප්තැම්බර් මස හිඟ දීමනාවද සමග පෙරේදා (11) ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කර තිබේ.

ඒ අනුව ප්‍රතිලාභී පවුල් 226,951 (දෙලක්ෂ විසි හය දහස් නවසිය පනස් එක) ක් අතරේ බෙදා හරින ලද මුළු මුදල් ප්‍රමාණය රු.1,964,121,250 (රුපියල් කෝටි 196) මුදලක් වන බවද  සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර වැඩිදුරටත් සඳහන් කළේය.

 

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න