ආණ්ඩුවට එරෙහි සියලු පක්ෂවල මත මර්දනය කර තමන්ගේ මතය පමණක් ජනගත කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ 21වන දින නුගේගොඩ පැවැත්වෟමට නියමිත රැලිය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
''මේ ආණ්ඩුව මැතිවරණයේ දී ජනතාවට පොරොන්දු වූ කිසි ම පොරොන්දුවක් ඉටු කළේ නැහැ, 21 වන දින නුගේගොඩට පැමිණ ආණ්ඩුවට තම විරෝධය පළ කරන ලෙස ආණ්ඩුවට එරෙහි සියලු පාර්ශවවලින් අපි ඉල්ලා සිටිනවා. ආණ්ඩුව හිතාගෙන ඇති ආණ්ඩුවට එරෙහි සියලු පක්ෂවල මතය මර්දනය කරල තමන්ගේ මතය පමණක් ජනගත කරන්න.
අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරල නැහැ, අල ගොවියට, වට්ටක්කා ගොවියට, බී ලූණූ ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එළිපිට ම ආණ්ඩුවට දෝෂාරෝපණය කරගෙන යනවා. දැන් ඒ ජනතාව පාරටත් බැහැල. ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා මේ රටේ ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්න බැරිවී තිබෙනවා.
අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නැහැ. ආණ්ඩුවේ බොරු පොරොන්දුවලට රැවටුණු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන 21 වන දින අපිත් සමග නුගේගොඩදී එක්වී ආණ්ඩුවට විරෝධය පල කරන ලෙසයි.''

