ප්‍රමිතියෙන් තොර බාල පොහොර අලෙවි කිරීමේ ජාවාරම වැළැක්වීමට වහාම කටයුතු කරන්න

බලධාරින්ගේ ඇස් වසා මේ වනවිට නිශ්චිත ප්‍රමිතියෙන් තොර බාල පොහොර වෙළෙඳ පොළේ අලෙවි කෙරෙන බවත් එය වහාම නතර කිරීමට බලධාරින් මැදිහත් විය යුතු බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ප්‍රකාශ කළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික ගොවිජන එකමුතු කාර්යාලයේ අද (16) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුව අමතමින් අනුරාධ තෙන්නකෝන් එසේ කීය.

'' එළඹෙන මාස් කන්නයේ වගාවට ගොවි ජනතාව සූදානම් වන මොහොතකයි අපි ඉන්නේ. මේ වනවිට ප්‍රමිතියෙන් තොර බාල පොහොර ව්‍යාජ ලෙස ගොවි ජනතාවට අලෙවි කෙරෙමින් තිබෙනවා. ජාතික පොහොර ලේකම් කාර්යාලය හෝ ජාතික පොහොර කමිටුවේ අනුදැනුමක් නැතිව මෙවැනි කාබනික දියර පොහොර ගොවි ජනතාව වෙත ව්‍යාජ ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. අප ඒ පිළිබඳව සොයා බලමින් සිටිනවා. ''

'' වසර 2021, 2022 කාලයේ නිෂ්පාදනය කළ කල්ඉකුත් වූ දියර පොහොර මෙසේ ලබා දෙන බවට පැමිණිලි පවා ලැබී තිබෙනවා. මේවා අලෙවි කිරීමට නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. නිෂ්පාදන වර්ෂය, නිෂ්පාදකයාගේ නම, පොහොරවල සංයුතිය ආදී තොරතුරු ඇතුළු තවත් කරුණු ගණනාවක් ලේබල්වල තිබිය යුතුයි. නමුත් ඒ කිසිවක් නොමැතිව ව්‍යාජ ලෙස කාබනික දියර පොහොර අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් සිදුවෙනවා. එය වැළැක්වීමට ක්‍රියාකරන්න යැයි අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.''

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු, ''අය වැයෙන් රජය වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඔවුන්ගේ සුබසාධනය සඳහා ගත් තීරණ හොඳයි. අපි ඒවා අගේ කරනවා. කුහක නොවී කම්කරුවන් වෙනුවෙන් ගත් ඒ තීන්දු අගය නොකොට ඇතැම් කුහක දේශපාලනඥයෝ කම්කරුවන්ට සහන දෙනකොට අල්ලස් කොමිසමට යනවා. එය අප හෙලා දකිනවා. ''
(ජේ. මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න