පසුගිය ජනපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක් වැය කර සෙවිලි තහඩු බෙදා දීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු 04 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 01 වන දා ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ බව අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ විසින් නියම කළ අතර පැමිණිල්ලේ 04 වන හා 21 වන සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යවන ලෙසද විනිසුරුවරයා නියම කර ඇත.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අමතරව එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ, දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක, හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන අයය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
