මංගලගේ ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට : කැබිනට් අනුමැතිය

මංගලගේ ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට : කැබිනට් අනුමැතිය

2017 සහ 2018 අයවැය යෝජනා අනුව රජයේ සහ පෞද්ගලික බැංකු විදේශිය මුල්‍ය සහයෝගිතා ආයතන සහ අනෙකුත් සහභාගිත්ව ආයතන සමඟ ඒකාබද්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙම අනුමැතිය හිමිව ඇති අතර ‘එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා’ පොලී සහනාධාර ණය වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සහ ප‍්‍රවර්ධනය කිරීම ඒ අනුව ඉදිරියේ ඇරඹීමට නියමිතව තිබේ.

ශ්‍රී ලාංකිකයන් සතුව පැවති සහජ නිපුණතා ප‍්‍රයෝජනයට ගනිමින් ව්‍යාවසාය පාරාදිසයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැංවිම මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරයි.

මේ යටතේ පොලී සහනාධාර ණය යෝජනා ක‍්‍රම 11ක් ප‍්‍රතිමුල්‍ය ණය යෝජනා ක‍්‍රම 03ක, මුල්‍ය සහ මුල්‍ය නොවන පහසුකම් සලසන යෝජනා ක‍්‍රම 02ක් ඇතුළත්ව යෝජනා ක‍්‍රම 16ක් යටතේ සහන සලසනු ලැබේ. ඒ අනුව මේ වන විට 12,405ක් පමණ වන ව්‍යාවසායකයන්ට රු.බිලියන 30කට අධික අරමුදල් සපයා ඇත. 

2018 වර්ෂයට අදාළව මේ යටතේ කි‍්‍රයාත්මක වන ණය යෝජනා ක‍්‍රම වෙනුවෙන් පොලී සහනාධාර ගෙවීම සඳහා පමණක් රජය විසින් රු.මිලියන 5,250ක් වෙන් කර ඇති අතර එමගින් ආර්ථිකය තුළ රු.මිලියන 60,000කට ආසන්න ප‍්‍රාග්ධන සම්පාදනයක් ඇති කිරීම මෙන්ම එතුළින් නව රැකියා 50000ක් බිහි කිරිමට අපේක්ෂා කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න