ආණඩුව ඹෟෂධ මිල අඩු කිරීම සඳහා, බ්‍රිතාන්‍යයේ ප්‍රමිතිගත ඖෂධ බෙහෙත් තිබිය දී ඉංදියාවේ බාල ඖෂධ රැගෙන විත් ඇතැයි සර්වජන බලය උප සභාපති ආචාර්ය චන්න ජයසුමන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද සර්වජන බලය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ චන්න ජයසුමන...
''මේක අමුතුම තත්වයක්. ඉන්දියානු ෆාමකොපියා එක ලංකාවට ගන්න ගහපු ගිවිසුම මින් පෙර ඹෟෂධ ප්‍රශ්නයක් තිබුණු සමාගමෙ එවලෙහිම ක්‍රියාමාර්ග ගත්තා නම් අද බෙහෙත් විෂවෙලා මෙවැනි විනාශයක් වන්නේ නෑ.
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කොළයකුත් බලාගෙන කිව්වලු අපේ බිත්තිත් එක්ක ෆලැට් වෙයි කියල. මම කියනවා අපේ බිත්ති හොයන්න කලින් පැලවත්තේ කාර්යාලයට අකුණු සංනායකයක් සවිකරගන්න කියලා. මොකද නලින් ඇමති තුමාටත් ඉදිරියේ දී සිදු වේවී බාල බෙහෙත් සිදද්ධියට නීතිය හමුවට යන්න.''


