Language Switcher

V2025

නලින්දගෙන් මෛත්‍රීට මිලියන 500ක එන්තරවාසියක් !

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් මෛත්‍රී ගුණරත්න ට විරුද්ධව රුපියල් මිලියන 500ක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

වාර්තා වන ආකාරයට මෛත්‍රී ගුණරත්න නැමැත්තා විසින් තමන්ට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙනයන බවට චෝදනා කරමින් නලින්ද ජයතිස්ස මහතා නීතීඥ සුනිල් වටගල මහතා මගින් 11 වනදා  උදෑසන මෙම එන්තරවාසිය යවා ඇත.

පසුගිය 09 වනදා රාත්‍රී ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවල පළවූ අදාළ  සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සිය කීර්ති නාමයට හා ජනතා විමුක්කි පෙරමුණට හානියක් සිදුවු බැවින් මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස  වැඩිදුටත් පවසයි.