ගෝඨාගේ නිවේදනයෙන් : ශ්‍රීලනිප 16 අනාථ වෙයි!

ගෝඨාගේ නිවේදනයෙන් : ශ්‍රීලනිප 16 අනාථ වෙයි!

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ජුනි 12 වන අඟහරුවාදා එනම් අද දිනයේ ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිත බවට විවිධ මාධ්‍ය වලින් ප්‍රචාරය වී තිබුණද  එවැනි හමුවක් සඳහා ඉල්ලීමක් තමා වෙත ලැබී නැති බව ගෝඨාභය රාජපක්ෂ  පවසයි.  

නිවේදනයක් නිකුත් කරමින් ඒ ඔහු  මේ බව ප්‍රකාශ කර ඇත.

අද දිනයේ ගෝඨාභය රාජපක්ෂ හමුවන බවට මාධ්‍ය වාර්තා පළවූයේ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සිදුකල ප්‍රකාශයක් මත පදනම්වය.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ හමුව සම්බන්ධව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු එල්ල කළ  බරපතල විරෝධයක් හේතුවෙන් මෙම හමුව අවලංගු කිරීමට තීරණය වී ඇති බවය. දේශපාලන ආරංචිමාර්ග දක්වා සිටින්නේ රාජපක්ෂ පවුලේ ඇති සීතල බල අරගලය මීට හේතුවී ඇති බවත් ගෝඨාභය වෙනම ගමනක් යන බව සඳහන් කරමින් අදාළ විරෝධය පෑමද සිදුව ඇති බවය.

කෙසේ වුවත් මේ සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ නිකුත් කල නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ජුනි 12 වන අඟහරුවාදා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවට විවිධ මාධ්‍ය වලින් ප්‍රචාරය වී තිබුණද  එවැනි හමුවක් සඳහා ඉල්ලීමක් තමා වෙත ලැබී නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.  

වෘත්තිකයින්,ව්‍යාපාරිකයින්,අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුළු සමාජයේ විවිධ පුද්ගලයින්  තමා හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක් බවත් එහෙත් මාධ්‍ය වලින් ප්‍රචාරය වු ආකාරයේ  නිල හමුවක් 12 දා  නොපැවෙත්වෙන බවත් ඒ මහතා වැඩිදුරටත්  පැවසීය. මාධ්‍ය ඒකකයගෝඨාභය රාජපක්ෂ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න