වාහනවලට භූමිතෙල් දැමුවොත් වැඩ වරදින ලකුණු !

වාහනවලට භූමිතෙල් දැමුවොත් වැඩ වරදින ලකුණු !

මෝටර් රථ වාහන පනතට පටහැනිව භූමිතෙල් උපයෝගී කරගෙන බස් රථ හෝ වෙනත් බර වාහන ධාවනය කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත හැකි ලෙස අදාළ නීති සංශෝධනය කිරීමට රජය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  පවසයි.

භූමිතෙල් යොදා පෞද්ගලික බස් රථ ධාවනය කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ කරුණු රැසක් අනාවරණය වූ බවත් මින් ඉදිරියට එවැනි නීති විරෝධී ක්‍රියා පිළිබඳ කරුණු හෙළිවුවහොත් එම බස් රථවල බලපත්‍ර අවලංගු කිරීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරන පරිදි භූමි තෙල් ලීටරයක නිෂ්පාදන පිරිවැය ලීටරයකට රුපියල් 100ක් පමණ වන අතර ලොරි බස් හිමියන් ඩීසල් වෙනුවට භූමිතෙල් පරිභෝජනය කිරීම නිසා 2017 මුල් මාස 4ට සාපේක්ෂව 2018 මුල් මාස 4 තුළ භූමිතෙල් පරිභෝජනය 41%කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වී ඇත.

එම මාස 4 තුළ මසකට රුපියල් බිලියනය බැගින් රජයට පාඩුවක් සිදුව ඇති බවත් වාර්තා වෙයි.

එවකට දෛනික භූමිතෙල් පරිභෝජනය මෙ.ටො 600කි. (මෙ.ටො 1 = ලීටර් 1270)ක් ව පැවති නමුත් පසුගියදා සිදුවූ  භූමිතෙල් මිල වැඩ කිරීමෙන් පසු දෛනික පරිභෝජනය මෙ.ටො 150 දක්වා පහළ ගොස් ඇත.

භූමි තෙල් ලීටරයක මිල අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 70 දක්වා අඩු කළ පසු එක් ලීටරයකින් රජයට ඇති පාඩුව රුපියල් 30ක් වන අතර ඒ හමුවේ මෙම දෛනික පරිභෝජනය තව දුරටත් ඉහළ යා හැකි බව  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයද අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න