රාජපක්ෂලාගේ ‘‘පන්සල් බොරුව‘‘ භයානක බෝවන රෝගයක්...!

රාජපක්ෂලාගේ ‘‘පන්සල් බොරුව‘‘ භයානක බෝවන රෝගයක්...!

ලෝකයේ අතිශය කෘෘරතර පාලකයා වූ ජර්මනියේ හිට්ලර් ගැන ඔහුගේ ප්‍රචාරකයා වූ ගොබෙල්ස් කළේ ඔහුගේ නැති ගුණ වරුණ රට පුරා ප්‍රචලිත කිරීමය. ඒ එකම බොරුව නැවත නැවත රට වැසියා අතර ප්‍රචාරය කිරීමෙන් එය සත්‍යයක් ලෙස තහවුරු කිරීමය. ‘‘ගොබෙල්ස් න්‍යාය‘‘ නමින් ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ ඒකය.

එකී ‘‘ගොබෙල්ස් න්‍යාය‘‘ ලංකාවේ දී ‘‘පන්සල් බොරු‘‘ ලෙසට පරිවර්තන වී දැන් හරි අපූරුවට ක්‍රියාත්මක වෙමින් ඇත්තේය. එය ද සාටක ලාගත් ඒකාධිපති හිට්ලර් කෙනෙකුගේ පුනරාගමනය වෙනුවෙන් ය.

පන්සල් බොරුවෙන් රටවැසියා මුලා කරන්නට මහින්ද රාජපක්ෂ මහත්තයා තවත් මාරාන්තික බොරුවක් ඊයේ දිවයින පුවත්පතට කියා තිබුණේ ය. ඒ ‘‘අපේ රජයක් යටතේ බදු 20%කින් අඩුකරනවා‘‘ කියාය.

20% කින් බදු අඩු කරනවා යැයි කියන රාජපක්ෂ මහතා ඒ තුළින් මෙම රජය වැඩි බදු අයකරන බව ඇඟවීමට උත්සාහ දරන්නේය. මෙසේ කටට එන දේ පවසා රට මුලා කරනවා මිස එය කරන්නේ කොහොම දැයි හිතාමතා නොකියා සිටින්නට පරිස්සම් වී ඇත්තේ ය.

කවුරු කොහොම කිව්වත් ලංකාවේ වැඩිම බදු අය කිරීමක් කළේ මහින්ද පාලනයේ දීය. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු ගැහුවේ ද රාජපක්ෂ පාලනයයි. තවද ගජමිතුරු ආර්ථික ප්‍රතිපත්තිය මත රාජපක්ෂ ඥාති මිතුරන්ට මහා පරිමාණ බදු සහන ලබා දුන්නේ ය.

එපමණක් නොව එකල මෙරටට ආනයනය කරන ලද එතනෝවලින් බහුතරයක්ම ආනයනය කර තිබුණේ බදු ගෙවීමකින් තොරව මීට කදිම නිදසුනක්ය.

විපක්ෂයේ සිටිමින් මේ කරන ප්‍රකාශ බොරු බව තහවුරු කරන්නට රාජපක්ෂ එදා කළ එක් බොරුවක් මෙසේය. ඒ 2007 වසරේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වැට් බදු ඉවත් කරනවා යැයි කිව්වේය. කිව්ව දේ කරන බව හඟවන්න එම භාණ්ඩවලට තිබූ වැට් බද්ද ඉවත් කළේය. සියල්ලෝ සතුටු විය. අහෝ, හොඳම කෙළිය ඇරඹුනේ ඉන් පසුවය. නැවත වටයකින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යනුවෙන් අලුත් බද්දක් එකී භාණ්ඩවලට ගැහුවේය.

අඩු කරපු බද්දක් නැත්තේ ය. එකල රාජපක්ෂ කෙරුවාව සහසුද්දෙන් බොරුම විය.

රාජපක්ෂලාගේ ‘‘පන්සල් බොරුව‘‘ භයානක බෝවන රෝගයක් බවට පත්ව ඇත්තේය. එය අද පාර්ලිමේන්තුවේ දී ටියුෂන් ආර්ථික ඔස්තාර්ගේ ශ්‍රී මුඛයෙන් පිටවිය. ඔහු කීවේ ‘‘තමා කිසිදා රුපියල් 2500කින් පවුලකට ජීවත් විය හැකි යැයි ප්‍රකාශ නොකළ“ බවය.

ඒ ගැන කිසිවක් නොකියන්නෙ, කතාවේ ඇත්ත නැත්ත මුළු රටම දන්න නිසාය. අවසානයේ කීමට ඇත්තේ, විචාරශීලීව නොසිතන්නා වාංචනිකයෙක් සේම විචාරශීලීව සිතීමට බියවන්නා වහලකු බව පමණක්ය.

(අංශක 180)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න