e news සඳරුවන් පිටුවහල් කිරීම : ජනාධිපති මාධ්‍ය අංශය කරුණු පහදයි !

e news සඳරුවන් පිටුවහල් කිරීම : ජනාධිපති මාධ්‍ය අංශය කරුණු පහදයි !

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් සමඟ පැවති සාකච්ඡාවේදී එරට සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික වෙබ් අඩවියක කර්තෘවරයා මෙරටට පිටුවහල් කරන ලෙස ජනාධිපතිවරයා කිසිදු ඉල්ලීමක් සිදුනොකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළ වූ ලිපියක් පිළිබදව කරුණු පැහැදිලි කරමින් එමගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  අදාළ වෙබ් අඩවියේ කර්තෘවරයා හෝ වෙනත් අයෙකු අත්අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා නොසිටි බවය.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බවට සන්ඩේ ටයිම්ස් වෙබ් අඩවිය සහ පුවත්පත වාර්තා කර තිබිණ. 

සබැඳි පුවත 

ලංකා ඊ නිවුස් කර්තෘ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මෛත්‍රී බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න